මහින්දට එරෙහි විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තු කලබලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 14, 2018

මහින්දට එරෙහි විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තු කලබලේ

https://www.gossiplankanews.com/2018/11/parliament-incident.html

ගමැතිවරයා ප්‍රමුඛ ඇමතිමණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව නිසා අද පාර්ලිමේන්තුව තුළ ඇතිවූයේ උණුසුම් තත්වයකි. එය ස්ථාවර නියෝග ද අත්හිටුවමින් භාර ගැනීමට කතානායකවරයා කටයුතු කළ බව
කියමින් ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ කෑකෝගසන්නට විය.
 විශ්වාසභංග යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් සභා ගැබට ඉදිරිපත් කළ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරන ලදී.
ඒ අවස්ථාවේ සභාවේ ඇති වූ ඝෝෂාකාරී තත්ත්වය අනුව කතානායකවරයා ප්‍රකාශ කළේ විශ්වාසභංගයට වැඩි පිරිසක් සහය පල කරන බව පෙනෙන්නට ඇති බවත්, එයට ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ය. නමුත් ස්ථාවර නියෝග අනුව එයට ඉඩක් නොමැති බව කියමින් ආන්ඩු පක්ෂය කෑගැසූ නිසා ඝෝෂාව හා කලබලය උත්සන්නව තිබුණි.

ස්ථාවර නියෝග අත්හිටුවීමට එම අවස්තාවේ යෝජනාවක් ඉදිරිපත්වී සම්මත විය. ඒ අනුව මෙවැනි දෙයක් ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු හැකියාව ලැබුනි.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පවත්වන්නට කතානායකවරයා දැරූ උත්සාහය කලබලය නිසා සාර්ථක නොවීය.
නම අනුව ඡන්ද විමසීම කැඳවන්නට නොහැකි නිසා හඩ අනුව බහුතරය එකඟ නිසා ඡන්ද විමසීමට තමාට හැකි බව කතානායකවරයා කියා සිටියේය. එම අවස්තාවේ අගමැති මහින්ද රාජපක්ෂ සභාවෙන් ඉවත්වූ අතර අනෙක් ඇතැම් පිරිස්ද ඔහු අනුගමනය කළේය.
බැලූ බැල්මට මහින්ද රාජපක්ෂ මහතාට හෝ එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද කියා සිටියේය.කලබලය මැද පාර්ලිමේන්තුව හෙටට කල් දැමුවේය.
ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.

දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි
කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.ජවිපෙ ගෙනා විශ්වාස බංග යෝජනාව පහත පරිදිය



No comments:

Post a Comment

Post Bottom Ad