වියාලේන්ද්‍රන් අගමැති මහින්ද සමඟ එක්වුනේ කරුණා අම්මාන්ගේ බලකිරීමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

වියාලේන්ද්‍රන් අගමැති මහින්ද සමඟ එක්වුනේ කරුණා අම්මාන්ගේ බලකිරීමට

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කරු අම්මාන්ගේ දැඩි බලකිරීම මත යැයි මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. යාපනයේ මාටින් පාරේ පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී ඊයේ උදෑසන මාධ්‍යෙව්දීන් පිරිසක් සමඟ රටේ වත්මන් තත්ත්වය ගැන කරුණු සාකච්ඡා කළ
අවස්ථාවේදී සේනාධිරාජා මන්ත්‍රිවරයා මේ බව පවසා තිබේ. කරුණ අම්මාන් යළිත් වරක් රාජ්‍ය බලය ලබාගැනීමට ඇති අවශ්‍යතාව මත ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ බලය වැඩි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු බිලීබෑමට පටන්ගෙන ඇති බවද කියා සිටියි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ

සියලුම මන්ත්‍රිවරු සමඟ කරුණා අම්මාන් මහින්ද මහතාට සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් කොට ඇතත් ඔහුගේ කීම පිළිගෙන ඇත්තේ සටන් බිමේ ඔහු සමඟ සිටි වියාලේන්ද්‍රන් පමණක් බවද මාවෙයි සේනාධිරාජා මහතා පැවැසීය. එල්.ටී.ටී.ඊ සංවිධානය දෙකඩ කළ කරුණා අම්මාන් වැනි පුද්ගලයකු ගුණමකුවකු ලෙසත් කෙළෙහිගුණ නොදන්නා අයකු ලෙසත් හඳුන්වා ඇති මාවෙයි සේනාධිරාජා මහතා ඔහු මේ අවස්ථාවේදී ඔහුට විශාල බලයක් ලබාගැනීමේ චේතනාවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් කඩා ගැනීම ඔහුට එතරම් දෙයක් නොවන බවද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන්නේ බටහිර රටවල බලකිරීම් නිසා බව කරුණා අම්මාන් ජනමාධ්‍යයට ප්‍රකාශයක් කොට ඇති බව කී සේනාධිරාජා මන්ත්‍රිවරයා, ඇත්ත තත්ත්වය  එය නොව දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථා  වීරෝධි ලෙස කටයුතු කළ පිරිසකට සහාය දැක්වීමට ඇති අකැමැත්ත නිසා එම තීරණයේ සිටින බවද ප්‍රකාශ කොට තිබේ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ  ජාතික සන්ධානයට බලය ලබා දුන්නේ දැඩි විශ්වාසයකින් බව පවසන සේනාධිරාජා මහතා ඒ අහිංසක ජනතාවගේ බලාපොරොත්තුව  විනාශ කිරීමට කටයුතු නොකරන බවද කියා සිටියේ.

-රසාදි චතුරංගි ගමගේ-

No comments:

Post a Comment

Post Bottom Ad