ඡන්දය නොදෙන්න හිටි ටීඑන්ඒ ඡන්ද 15 මහින්දට විරුද්ධව දෙන බව ප්‍රකාශ වේ දැන් මහින්දට 103 - රනිල්ට 115 - මධ්‍යස්ථ 6 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 3, 2018

ඡන්දය නොදෙන්න හිටි ටීඑන්ඒ ඡන්ද 15 මහින්දට විරුද්ධව දෙන බව ප්‍රකාශ වේ දැන් මහින්දට 103 - රනිල්ට 115 - මධ්‍යස්ථ 6

https://www.gossiplankanews.com/2018/11/tna-support-ranil.html#more
සුගිය 26 සිකුරාදා සවස ජනපති සිරිසේන විසින් රනිල් නෙරපා මහින්ද අගමැති ලෙස පත්කිරීමේ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවේ මහින්දගේ බහුතරය ඇතිකිරීම සඳහා
දින 19 ක නිල නොවන දේශපාලන බිලිබාගැන්මේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කළ බව
ප්‍රසිද්ධ කරුණකි.
ව්‍යවස්ථානුකූලව තමන් සියලු පියවර ගත් බව ජනපතිවරයා සඳහන් කළද පාර්ලිමේන්තුව නොකැඳවීම තුළම මෙම උපාය පැහැදිලිවී තිබුණි.
මෙම කාලය තුළ මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 16ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 08ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 06ක් දිවුරුම් දී තිබේ.

ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව තවත් ඇමති ධූර 14 කට හා නියෝජ්‍ය-රාජ්‍ය ඇමති ධූර 26 කට ඉඩ ප්‍රස්ථා පවතී.
ජනතාවට පුදුමය ඇතිකරවමින් වරින්වර එජාපයෙන් 6 දෙනෙකුද මින් ඉහත කිසි කලෙක සිදු නොවූ ලෙස ටීඑන්ඒ (දෙමළ ජාතික සංවිධානයෙන්) 1 අයෙකුද මහින්ද පිල වෙත ගමන් කර ඇමති ධූර ලබාගෙන තිබේ.
පසුගිය 26 වන දා වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පැවතියේ, එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, TNA 16ක්, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක්,  ඊ.පී.ඩී.පී. එක් ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් ලෙස ය.

ඉන් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් සහය පළ කරන ගණන 103කි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට

සහය පළ කරන සංඛ්‍යාව  මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන තනි මන්ත්‍රී අසුන ද ඇතුළත්වමේ වන විට 100ක් බවට පත්ව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා දෙපාර්ශවයටම සහය පළ නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙකු රාජපක්ෂ මහතාට සහය පළ කිරීමත් සමග ඔවුන්ගේ සංඛ්‍යාව 15 දක්වා අඩුවූ අතර පාර්ලිමේන්තුවේ ඔවුන් කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන මධ්‍යස්ථ ස්වරූපයක් මුලින් දිස්විය.

නමුත් ඔවුන්ගේ සදාචාර නීතිරිතී අභිබවමින් පක්ෂය ගත් තීරණයට පිටුපාමින් වියලේන්ද්‍රන් මහතා මහින්දට සහාය පළ කර ඇමති ධූරයකයට පත්වීමත් සමග ටීඑන්ඒ පක්ෂය මෙම ගැටලුව ගැන තදින් සිටි ප්‍රතිපත්තියකට නැඹූරුවී ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි. ඒ අනුව අද 3 සවස එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ,මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔවුන්ගේ ස්ථාවරය බවය.
ඒ අනුව  ව්‍යවස්ථාවට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති මහින්ද රාජපක්ෂ මහාතා ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය දන්වා තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයද නීති විරෝධී බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන් ය.
බහුතර බලය පෙන්වීමට පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රමාද කිරීම කඩා කප්පල්කාරී ක්‍රියාවක් බවත් එලෙස ප්‍රමාද කිරීම හරහා ඇමති ධූර ලබා දීම, මුදල් අල්ලස් දීම මගින් බහුතරය රැස් කිරීම සදාචාරාත්මක නොවන බවත් දන්වා සිටින ඔවුන් ඇමති ධූර වලට බිලිබාගත් තම සාමාජිකයාට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවද එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බව ද දන්වා තිබේ.

මේ අනුව ඉදිරියේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී ටීඑන්ඒ 15 කගේ අත් එසෙවනු ඇති අතර ඒ අනුව ඡන්ද විමසීමකදී රනිල්ට වාසි පිල 115 දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට තත්වය වන්නේ රනිල්ට 115, මහින්දට 103 හා මධ්‍යස්ථ 06 ලෙසිනි.
ඒ අනුව මහින්දට පක්ෂ බහුතරය 103 හා පක්ෂ නොවන බහුතරය 121 කි.

No comments:

Post a Comment

Post Bottom Ad