කොල්ලුපිටියේ එජාප උද්ඝෝෂණ සජීව මාධ්‍ය ආවරණය රනිල් සහෝදරයාගෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

කොල්ලුපිටියේ එජාප උද්ඝෝෂණ සජීව මාධ්‍ය ආවරණය රනිල් සහෝදරයාගෙන්

https://www.gossiplankanews.com/2018/10/unp-rally-kolpity.html#more
ව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් අද සවස කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම හා ආසන්න ප්‍රදේශයේ  ආරම්භ කර තිබෙන එජාප උද්ඝෝෂණයට අදාළ රැලිය මේ වනවිට ඇරඹී තිබේ. දඹර අමිල හිමි, වික්‍රමබාහු කරුණාරත්න, චම්පික රණවක ආදීන්
  කථා පවත්වා තිබේ. සවස 2.30 වනවිට කතාව පවත්වන්නේ සජිත් ප්‍රේමදාසයි.
විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව තිබෙන අතර ආසන්නයේ පිහිටි අරලියගහ මැදුරේ රැඳී සිටින එජාප ජ්‍යෙෂ්ඨයින් මෙය සංවිධානය කරන ලදි.

කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණයට මාධ්‍ය ආවරණ ලබාදීමේ දුර්වල තාවයක් දක්නට ලැබේ.

මහින්ද විපක්ෂයේ සිටියදී මාධ්‍ය තුළ ඔහුගේ පිරිස් සංවිධානය කරන උද්ඝෝෂණ ලබන ප්‍රචාරයක් මේ වෙනුවෙන් ලැබී නැත.

සියලුම රජයේ මාධ්‍ය මෙන්ම දෙරණ, හිරු ,ස්වර්ණවාහිනී ආදී ප්‍රබල විද්‍යුත් මාධයද එය ගැන වරින්වර ප්‍රචාරයන් සිදු නොකර සිටින්නට වගබලාගෙන ඇත.

මෙම උද්ඝෝෂණය සජීවීව ලබාදෙන්නේ රනිල්ගේ සහෝදරයාට අයත් ටීඑන්එල් නාලිකාවේ පමණි.සිරස සජිත්ගේ කතාව ප්‍රචාරය කරන ලදි.
ඊට අමතරව අන්තර්ජාල වෙබ් පිටුවක්ද සජීවී විකාශය සිදු කරයි.

මෙම උද්ඝෝෂණය නිසා කොළඹ මාර්ග කිහිපයක්ම මේ වනවිට වසා දමා ඇත.
කොල්ලුපිටියේ රැස්වීමෙන් පසු පිරිස පාර්ලිමේන්තුව දක්වා ගමන් කර විරෝධය පළ කරන බව එම සභාවේදී කියැවිණි.
ඒ අනුව අද සවස කොළඹ අධික මාර්ග තදබදයක් හටගැනීමට ඉඩ තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad