ඩිනර් එකට ගිහින් ඇවිත් බඩු අස්කරලා රොනී ලීච් කුස්සියේ වැටිලා හිටියාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 1, 2018

ඩිනර් එකට ගිහින් ඇවිත් බඩු අස්කරලා රොනී ලීච් කුස්සියේ වැටිලා හිටියාලු

https://www.gossiplankanews.com/2018/10/ronnie-leach-death.html
නපේක්ෂිත ලෙස ඕස්ට්‍රේලියාවේදී දිවියෙන් සමුගත් රොනී ලීච් කලාකරු එසේ මියගිය ආකාරය ගැන වැඩි විස්තර මේ වනවිට අපට වාර්තාවේ.
රොනී ලීච් හා මරියෙසල් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ පර්ත්හි සංචාරයකට එක්වූයේ පසුගිය සතියේය. ඒ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කළ රාත්‍රී භෝජන සාදයක් (ඩිනර් ඩාන්ස්) සඳහාය.ඔවුන් දෙදෙනට
නවාතැන්ගන්නට සංවිධායකයින් විසින් තට්ටු නිවාස ඒකකයක් (අපාර්ට්මන්ට්) එකක් ලබාදී තිබුණ අතර රාත්‍රී භෝජන සාදයට ඔවුන් පසුගිය 29 සෙනසුරාදා එක්ව තිබුණි. එය සාර්ථක ලෙස පවත්වන්නට හැකිව තිබෙන අතර එදින බොහෝ අය මුණගැසී පැසසුම් ලබා තිබේ. පසුව ඊයේ 30 වනදාත් පර්ත් නුවරම

ඔවුන් ගතකර තිබෙන අතර එදින රාත්‍රී භෝජනය ලබාගන්නට තම නිවසට පැමිණෙන ලෙස ඔවුන්ගේ හිතවතකු කළ ඇරයුම අනුව නිවසකට ගොස් රාත්‍රී ආහාරයද ලබාගෙන නැවත වේලාසනින්ම රොනී ලීච් හා මරියසෙල් නවාතැනට පැමිණ තිබේ.

පසුදා එනම් අද(1) නැවත ලංකාවට පිටත්වීමට අවශ්‍ය නිසා සිය ගමන් මලු එකලස් කර පිළියෙල කිරීමට රොනී ලීච් එදින රැය ගත කරමින් තිබෙන අතර මරියසෙල් මහත්මිය ඇයට අයත් කාමරයේ නින්දට ගොස් ඇත.
කෙසේ වෙතත් පසුව පාන්දරට වන්නට මරියසෙල් මහත්මිය නැවත පරීක්ෂාකාරී වීමේදී රොනී ලීච් එම නිවසේ කුස්සියේ බිම වැටී සිටින අයුරු දක්නට ලැබී තිබේ. ඇය ඔහුව පරීක්ෂා කර බලන විටත් හුස්ම නොගන්නා බව පෙනී ගොස් ඇත. වහාම හදිසි ඇමතුම් ලබාගෙන ගිලන් රථයකින් රෝහලට රැගෙන ගියත් ඒ වනවිටත් රොනී ලීච් මහතා මියගොස් තිබූ බව රෝහල් වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මියයාමට හේතුව හෘදයාබාධයක් ලෙස සැලකේ. රොනී ලීච් මහතා කොලෙස්ටරෝල් අධික වීම ආදී තත්වයන්ට කලෙක සිට ප්‍රතිකාර ලබාගනිමින් සිටි අයෙකු වන නමුත් ඕස්ට්‍රෙිලියානු සංචාරයට පෙර සම්පූර්ණ ශරීර වෛද්‍ය පරීක්ෂාවක් සිදු කර තිබූ බවත් එහිදී විශේෂ රෝග තත්වයක් හඳුනාගෙන නොතිබූ බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ කීර්ති පැස්කුවල් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අපට සඳහන් කළේය. රොනී ලීච් මහතාගේ දේහය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණ එරටදී තවමත් සිද්ධවී නැති බවත් දේහය නැවත ලංකාවට ගෙන ඒම ඉදිරියේදී සිදුවුනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතා දියණීයකගේ හා පුතෙකුගේ පියෙකි. ඔහු පදිංචිව සිටියේ දෙහිවල නැදිමාලේය.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
ඔස්ට්‍රෙලියානු ප්‍රසංගයට ගිය ගමනේදී රොනී ලීච් හදිසියේ සමුගනී

No comments:

Post a Comment

Post Bottom Ad