රටක නායකයෙක් කිසිදා නිද්‍රාශීලි නායකයෙක් විය යුතු නැහැ-ගෝඨාභය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

රටක නායකයෙක් කිසිදා නිද්‍රාශීලි නායකයෙක් විය යුතු නැහැ-ගෝඨාභය


ලොව ඕනෑම රටක ජනතාවක් තම රාජ්‍ය නායකයාගන් පළමුව අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය තම මවුබිමට දක්වන ඇල්ම පිළිබඳව බවත්, තම ජාතිය ලොව හමුවේ අතිමානයට පත්වනු දැකීම ලොව ඕනෑම
රටවැසියකුගේ පැතුම වන අතර, එහෙත් පසුගිය වික්‍රමසිංහ රජය සමයේ එවැන්නක් සිදුනොවූ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ 'එළිය' රැස්වීම් මාලාවේ තවත් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා (27දා) පන්නිපිටිය ඇරැව්වල පැරණිදූවේ පන්සල විහාර පරීශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, රට බේරාගත් රණවිරුවන්  ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්  කර සතුටක් ලබන රාජ්‍ය නායකයෙක් මව්බිමට ආදරය නොකරන බව ජනතාව තේරුම් ගැනීම නිසයි, එදා අතිවිශාල ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණියේ. පළාත් පාලන මැතිවරණයෙන් වික්‍රමසිංහ රජය පරාජය කළේ, පසුගිය විසිහය වැනිදා පෙරළියෙන් පසුව ජනතාව මහ මඟට පැමිණ කිරිබත් උයා සතුට ප්‍රකාශ කළේ.

රටක නායකයකේ කිසිදා නිද්‍රාශීලී නායකයක් විය යුතු නැහැ. එසේම එවන්නෙක් බලය සඳහා කුලල් කා ගන්නා ලෝකයක රාජ්‍ය නායකයන් හමුවී එහයියකු විය යුතු නැහැ. ලෝකයේ කෙතරම් ඉහළ රාජ්‍ය හමුවකදී වුවද තම රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශ ප්‍රේමයක් රටක නායකයෙකු තුළ තිබිය යුතුයි.

ඒ දේශප්‍රේමය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාවක් නැත්නමි එවැන්නකු රටක නායකයකට සුදුසු නෑ, එවැන්නෙකු දේශපාලනයටද සුදුසු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා හැමවිටම හැසිරුණේ ශ්‍රී ලංකාව මේ මගෙරට මේ මගේ මම යන උදාර අභිමානය සිත තුළ රඳවා ගෙනයි. අන්න ඒ නිසයි - ත්‍රස්තවාදී අරගලයේ අවසන් අද්දියරේදී  ලෝක බලවතුන් වෙතින් කොපමණ  බලපෑම් එල්ල වුවද තම හමුදා කඳවුරු වෙත ආපසු හරවා යැවීමට තරම් නිවට තත්වයකට ඒ මහතා පත් නොවුණි. මා සිතන්නේ රටකට - අවශය වන්නේ එවැනි නායකයන් පමණයිඒ බව පසුගිය වික්‍රමසිංහ රජය එය ඉතා ප්‍රායෝගිකව ජනතාවට පෙන්වා දුන්නා.”

 යැයි ප්‍රකාශ කළේය.  මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමීණී ලොකුගේ, කථිකාචාර්ය මාධවී  හේරත්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ යන අයද අදහස් පළ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad