මාසයකට පසු වෛද්‍ය කවිංගා ඇප ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

මාසයකට පසු වෛද්‍ය කවිංගා ඇප ලබයි


පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත
ගාමිණී මහතාව

මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්ට නියමව රෝහලටවී සිටි විශේෂඥ වෛද්‍ය කාවිංගා ගුණවර්ධන මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.
 ඇය මාසයක් පමණ කලුබෝවිල හා කොළඹ රෝහල්ගතවී ප්‍රතිකාර ලැබුවාය.
මින් ඉහත උසාවි වාර කිහිපයේදීම ඇයට ඇප නොලද අතර ඇය ඇවිදින්නට අපහසු බව කියමින් උසාවියට ආවේද නැත.
ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත අද මුදාහැරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad