පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ බොරලැස්ගමුවේ වෙසල් වැගන්-ආර් අනතුරින් පසු බීමත්ව සිටි වෛද්‍යවරිය මත්පැන් බී නැතැයි වෛද්‍ය වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 1, 2018

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ බොරලැස්ගමුවේ වෙසල් වැගන්-ආර් අනතුරින් පසු බීමත්ව සිටි වෛද්‍යවරිය මත්පැන් බී නැතැයි වෛද්‍ය වාර්තාවක්

https://www.gossiplankanews.com/2018/10/boralesgamuwa-doctor-accident.html#more
යේ (30) අලුයම බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී  විශේෂඥ වෛද්‍යවරියක විසින් පදවාගෙන ගිය වෙසල් වර්ගයේ රථයක් පොලිස් පරික්‍ෂකවරයාගේ පුතු පදවාගෙන ආ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් පොලිස් පරීක්‍ෂකවරයා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ සිද්ධියක් වාර්තා විය.
පැපිලියාන වික්‍රමරත්න මාවත අසලදී ඊයේ අලුයම 12.45ට පමණ
මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් මියගොස් තිබුනේ පොලීස් බොක්සින් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ අජන්ත ගාමිණි ගමගේ  (51) නමැති තිදරු පියෙකි.

පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස්‌ නැවත පැමිණෙමින් සිට ඇති බවත්,

එහිදී ඔවුන් ගමන් ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළිවිය.
බරපතල තුවාල ලැබු මියගිය අයගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ ජීප් රථය පැදවූ වෛද්‍යවරිය රත්නපුර මහ රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍ය නිලානි කාංවිගා ගුණවර්ධන (39)  වන අතර අනතුර සිදුවන අවස්ථාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් රිය පැදවූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් සනාථ වී තිබේ. පොලිසිය අධිකරණයටද ඒ බව දැනුම්දී ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරිය බීමතින් සිටියාද නැද්ද යන්න ගැන හෙළී කිරීමේදී මෙම පරීක්ෂණයේදී ගැටලු කාරී වූ බවත් අනතුරත් සමඟ ජීප් රථය පැදවූ සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇත්දැයි දැන ගැනීම සඳහා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයකු වෙත ඇය ඉදිරිපත් කළද මත්පැන් ගඳ වහනය නොවන බවට ඔහු සිය වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බවද පොලිසිය කියයි. පසුව පොලිස් නිලධාරීන් වෛද්‍යවරියට ඇල්කෝලයිසරයකට පිඹීමට සලසාදීමෙන් අනතුරුව ඇය මත්පැන් පානය කර ඇති බැව් අනාවරණය කරගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය. ඇය වෛද්‍ය ක්ෂේත්‍රෙය්ම කෙනෙකු නිසා කළුබෝවිල වෛද්‍යවරයා සාවද්‍ය වාර්තාවක් ලබාදෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ පොලිසිය සොයාගත් දත්තයි.

 වාහනයේ සංගීත කණ්ඩායමක තරුණියක හා තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් ඇය රිය පදවා තිබේ. ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ තවත් පෞද්ගලික සාදයකට යැයි සැක කෙරේ. එම තරුණිය

ගල්කිස්ස ප්‍රදේශයේ කැරොකේ සමාජ ශාලාවක ගායිකාවක ලෙස සේවය කළ කාත්තාවක වන අතර අනෙක් තරුණයින්ද එහි සංගීත ශිල්පීන් බව කියැවිණි.
සැකකාර වෛද්‍යවරියට සුළු තුවාල සිදුවූ අතර නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළාය. 
පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචිව සිටිමින් රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන මෙම සැකකාර  ගුණවර්ධන හඳුන්ගේ නිලානි කාවිංගා වෛද්‍යවරිය පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට රෝහල් ගත කර තිබේ.

තම මවගේ උපන් දිනය නිමිත්තෙන් ඇයට ආශිර්වාද පතා බොරලැස්ගමුව, මහරගම පාරේ සහෝදරයකුගේ නිවෙසේ පැවැති පිරිත් පින්කමක් අතර පොලිස් පරීක්‍ෂකවරයා තම බිරිය හා දරු දෙදෙනා සමඟ අලුයම 1.30ට පමණ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් නිවාසය වෙත මෝටර් රථයෙන් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

කොළඹ දෙස සිට පැමිණි වෛද්‍යවරිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී පොලීස් පරීක්‍ෂකවරයා ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථයේ ගැටී තිබේ.වෛද්‍යවරියගේ සුඛෝපභෝගී ජීප් රථය මෝටර් රථයේ මුහුණට මුහුණලා ගැටීමත් සමඟ මෝටර් රථය මාර්ගයේ පසෙකට විසිවී නවතා තිබු වෑන් රථයක බඳ කොටසෙහි වැදී නතර වී තිබූ බවත් එසේ නොවන්නට මෝටර් රථය අසල තාප්පයේ ගැටී මීට වඩා ජීවිත අනතුරක් වන්නට බොහෝදුරට ඉඩ තිබූ බවත් පොලිසිය කියයි.
අනතුරින් ජීප් රථයට මෙන්ම මෝටර් රථයටද බරපතළ අලාභ හානි සිදු වී වායු බැලුන්ද ක්‍රියාත්මක වී තිබී ඇත.
අනතුර සිදුවන අයුරු පොලිස් පරීක්‍ෂකවරයා පැදවූ වාහනයේ සවිකර තිබූ කැමරාවක හා අසළ වෙළෙඳ සැලක සටහන්ව තිබූ අයුරු වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad