'බැසිල් මේ කරන්නේ අපිව විනාශ කරන ගේමක්''- ශ්‍රීලනිපය නොසන්සුන් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

'බැසිල් මේ කරන්නේ අපිව විනාශ කරන ගේමක්''- ශ්‍රීලනිපය නොසන්සුන් !


බහුතර මන්ත්‍රී බලයක් පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රී ගණන ලබාදෙන බවට පොරොන්දු වී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කර ගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනික වශයෙන් මුලාකර ඇද්දැයි බරපතල සැකයක් මතුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයකු පැවසිය.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රී ගණන ලැබී ඇද්දැයි 'ලංකා නිව්ස් වෙබ්' කළ විමසීමේදී ඔහු එ් බව සඳහන් කළේය.
 
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේද සඳහන් කළේය.
 
මෛත්‍රීට දුන් පොරොන්දුව ?
 
''ඇත්තටම ආණ්ඩුවේ හිටපු අපේ පක්ෂයේ කිසිම ඇමතිවරයකු මහින්ද මහත්තයා අගමැති කිරීමේ තීරණය ගැන දැනගෙන හිටියේ නැහැ. ඔය ගැන සාකච්ජා කළේ 15 කණ්ඩායමේ කට්ටිය. එස්බීලා තිලංගල තමයි බැසිල් එක්ක දිගටම සාකච්ඡා කලේ. එයාල තමයි මහින්ද මහත්තයා අගමැති කලොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කරන බවට පොරොන්දු වුනේ.
 
දැන් ජනාධිපතිතුමා එතුමාගේ කාර්යභාරය ඉටුකරලා තියනවා. දැන් බැසිල්ලා එස්.බී.ලා ඔවුන්ගේ පොරොන්දුව ඉටුකළ යුතුයි. එත් මේ වනවිටත් බහුතර මන්ත්‍රී ගණන පෙන්නන්න බැරිවෙලා තියනවා. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවන්න බැරිව පාර්ලිමේන්තුව කල් දාන්න ජනාධිපතිතුමාට සිද්ධ වුනා. මේක බරපතල කාරනයක් විය හැකියි.
 
එජාපය වගකිව යුතුයි :
 
ජනාධිපතිතුමා මෙවැනි තත්වයකට පත් කිරීම ගැන එජාප නායකත්වය වගකිව යුතුයි. ජනාධිපතිතුමා ඝාතනය ගැන අනාවරණය වුනාම එයාල ඒ ගැන කිසිම හොයා බැලීමක් කලේ නැහැ . එ්ක විහිළුවකට ගත්තා. පොලිස්පතිවරයාව ආරක්ෂා කළා.  DIG නාලක සිල්වාව ආරක්ෂා කළා.
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා කියල ජනාධිපතිතුමා කැබිනට් එකේදී කීවම, එ්කට විරුද්ධ වෙලා එජාප නායකයා ඉන්දියාවට ගිහින් ජනාධිපතිතුමාට එරෙහිව කේලම් කීවා. 
 
ජනාධිපතිතුමා ඉන්දීය 'රෝ' ඔත්තු සේවය ගැන කැබිනට් එකේ කියපු කතාවක් විකෘති කරලා ජනාධිපතිවරයාට එරෙහිව ඉන්දියාව කුපිත කරන්න කටයුතු කළා. කැබිනට් එක ඉවරවෙන්නත් කලින් වෙබ්වලට මේවා ලීක් කළා.
 
ජනාධිපතිතුමා දුම්රිය මාර්ගයක් හදන්න කැබිනට පත්‍රිකාවක් ගෙනාවම එ්කට විරුද්ධ වුනා. 
 
ජනාධිපතිතුමා බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කරන්න කියලා ඉල්ලීමක් කළාම එ්ක ගණන් නොගෙන හිටිය විතරක් නෙමෙයි, ලංකා බැංකුවේ සභාපතිට අගමැතිවරයා කියලා තිබුනා ඉවත්වෙන්න එපා කියලා.
 
මේ වගේ තත්වයක් යටතේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු කරන්න බැහැ කියල ජනාධිපතිවරයා තීරණය කළා. ජනාධිපතිතුමාව ඒවගේ අන්තයකට තල්ලු කලේ එජාපය. විශේෂයෙන් මංගල ඇමතිගේ වෙබ් කල්ලිය.
 
බැසිල්ගේ උවමනාව පැහැදිලියි !
 
යහපාලන ආණ්ඩුවේ නායකයින් අතර අභ්‍යන්තර මත ගැටුමෙන් වාසිය ගත්තේ බැසිල්. බැසිල් එකට අල්ල ගත්තේ 15 කණ්ඩායමේ එස්.බී ලා, තිලංගලා.
 
ඇත්තටම බැසිල්ට ඕන පාර්ලිමේන්තුව පවත්වා ගෙන යන්න බැරි තත්වයක් ඇති කරලා මහ මැතිවරණයක් ලබා ගැනීම විතරයි. ව්‍යවස්ථා අර්බුදයක් හදලා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැරි තත්වයක් ඇති කරන්නයි එයාට ඕන.
 
මේ හදන ආණ්ඩුව මාසයකට වඩා ගෙනියන්න දෙන්න අවශ්‍ය නැහැ කියල බැසිල් රාජපක්ෂ එයාගේ සමීපතමයින්ට කියල තියනවා.
 
මංගල - බැසිල් ගනුදෙනු !
 
මේ කාරණාවලට අමතරව මංගල හිටපු ඇමතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතා අතර තියන දේශපාලන ගනුදෙනු ගැනත් අපට බරපතල සැකයක් තියනවා. බැසිල් ඕනෑම ආණ්ඩුව සිටිය යුතු දක්ෂයෙක් බව මංගල පාර්ලිමේන්තුවේදී කිවේ ඊයේ පෙරේදා. මේ දෙන්නම දේශපාලන ගේම් කාරයෝ. ඒ නිසා මේ හැම කාරණයක් ගැනම අපි සැලකිල්ලට ගන්න ඕන. 
 
ජනාධිපතිතුමා දේශපාලනික වශයෙන් අසීරුතාවයට පත්කරන්න මේ කණ්ඩායම් කටයුතු කරමින් ඉන්න බව පැහැදිලියි. කොහොම වුනත් ජනධිපතිතුමා වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටින බව කිවයුතුයි..''

25,774 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad