කෝලිගේ කඩුල්ල ඩැහැගැනීමට ගිය ඇන්ඩර්සන් ‘ධර්මසේන’ සමග ගැටුමක් ඇති කර ගනියි..ICC යෙන් දඩ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

කෝලිගේ කඩුල්ල ඩැහැගැනීමට ගිය ඇන්ඩර්සන් ‘ධර්මසේන’ සමග ගැටුමක් ඇති කර ගනියි..ICC යෙන් දඩ..

එංගලන්තයේ වේග පන්දු යවන ක‍්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන් හට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය දඩයක් නියම කිරීමට තීරණය කොට තිබෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අයි.සී.සී. විනය නීති සංග‍්‍රහය උල්ලංඝනය කිරීමට හේතුවෙන් මෙලෙස 15% ක දඩයක් නියම කිරීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ටී තීරණය කර ඇත.

ඇන්ඩර්සන් යොමුකල ඉන්දියානු ඉනිමේ 29 වැනි පන්දුවාරයේදී විරාත් කෝලි කඩුල්ල මුවා කලේ යැයි ඉල්ලීමක් කල අතර විනිසුරු ධර්මසේන එය නිෂ්ප‍්‍රභා කර සිටි අතර විනිසුරු තීරණ විමසීමේ දී තහවුරු වූයේ කෝලි නොදැවුණු ක‍්‍රිඩකයෙක් ලෙසයි.ඒ හේතුවෙන් ආක‍්‍රමණශීලි ලෙස විනිසුරු ධර්මසේන සමග බහින් බස්වූ ඇන්ඩර්සන් සිය හිස් ආවරණයද උදුරා ගන්නා අයුරු දක්නට ලැබුනා. ඊට අමතරව ජේම්ස් ඇන්ඩර්සන් හට දඩුවම් ලකුණක් පැනවීමටද තරග තීරකවරයා කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad