මියගිය මවගේ සිරුර භාර නොගෙන බැංකු පොත අරන් මාරුවූ අරන් හදාගත් පුතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

මියගිය මවගේ සිරුර භාර නොගෙන බැංකු පොත අරන් මාරුවූ අරන් හදාගත් පුතා

මියගිය විශ්‍රාමික ගුරුවරියකගේ මළසිරුර බාර නොගෙන රුපියල් ලක්ෂ දහයක තැන්පතුවක් තිබූ ඇගේ බැංකු පොත රැගෙන පලාගිය ගුරුවරියගේ හදාගත් පුත්‍රයා සොයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද මේ හේතුවෙන් මියගිය ගුරුවරියකගේ මරණ පරීක්‍ෂණය සිදුකිරීමට නොහැකිව අද (10) දිනට දින 8ක් පුරා, දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට සිදුව ඇති බවද
බොරලැස්ගමුව පොලිසිය පවසයි.
 වත්තල හැඳල පුවක්වත්ත පාරේ පිහිටි වැඩිහිටි නිවාසයක කල් ගෙවූ 70 හැවිරිදි ගුරුවරියට. කලක සිට වැළඳී තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඉකුත්
03 දා මියගොස් ඇති බව පොලිසිය කියයි. පසුව දේහය පිළිබඳ පශ්චාත් මරණය පරික්ෂණයේදී භාරකරු ලෙස ඉදිරිපත් වූයේ ගුරුවරියගේ සහෝදරයාගේ පුත්‍රයායි.  මියගිය කාන්තාවගේ සැමියා මියගොස් ඇති බවත් ඇයට හදාගත් පුතකු සිටින බවටත් කරුණු අනාවරණය විය. මෙම එහිදී මරණ පරික්ෂකවරයා වහාම එම පුතු ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.


ඒ අනුව ඥාතීන්ට දැනුම් දී හදාගත් බව කියන පුතු සොයා යාමේදී ඔහු කුරුන්දකුලම, මිහින්තලාව පාරේ පදිංචිව සිටින බවට තොරතුරක් ලැබීමත් සමග ඥාතින් ඔහුට මේ බව දැන්වීමට හැකිව තිබේ. එහෙත් ඔහු ඉදිරිපත් වීමට අකමැති වූ නමුත් එසේ පැමිණෙන්නේ නම් මුදලක් ලබාදෙන බවට ඥාති පුත්‍රයා පොරොන්දු වීමත් සමග ඔහු පසුගිය 5 වැනිදා සවස මරණ පරික්‍ෂණ අධිකරණයයව් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව පුතා බව පැවසෙන (30) පුද්ගලයාගේ උප්පැන්න සහතිකය මියගිය ගුරුවරියගේ තොරතුරු හා සැසඳීමේදී එය තහවුරු වන නිසා මරණ පරීක්‍ෂණයේදී මූලික කටයුතු ආරමභ කරන ලදි.
මේ අතරතුරදී ගුරුවරියගේ බැංකු පොත ඥාති පුත්‍රයා විසින් හදාගත් පුතු අතට දී ඇත්තේ මියගිය ගුරුවරියගේ අනන්‍යතාව තහවුරු කරවීමටය.
 මරණ පරීක්‍ෂණ කටයුතු නිමා කිරීමට එදින කාලය ප්‍රමාණවත් නොවීම නිසා පසුදා (6) උදෑසන 9ට අදාළ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරිමට හදිසි මරණය පරික්ෂක තීරණය කළත් පසුදා උදෑසන හදාගත් බව කියන පුතු නොපැමිණි බව පැවසේ.

ඔහු මියගිය කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කර තිබූ බැංකු පොතද රැගෙන පලා ගොස් තිබුණි.
ඔහු නොපැමිණීම නිසා මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද පොලිසිය කියයි. මොහු මියගිය කාන්තාව ළඟ සිටින කාලයේද ඇයගෙන් මුදල් ඉල්ලා නොදුන් විට ඇයට පහර දීමද සිදුකර ඇති බව වාර්තාවී තිබේ.
ෙඑම නිසාම ජීවිතය ගැන කලකිරුණු ගුරුවරිය සිය ඉඩම විකුණා ලද මුදල බැංකුවක තැන්පත් කර මෙසේ වැඩිහිටි නිවාසයක කල් ගෙවා ඇත.

කෙසේ වෙතත් බැංකු පොතක් තිබුණ පමණින් මියගිය අයගේ මුදල් ගැනීමට ඔහුට බැංකුවෙන් එකවර හැකියාවක් ලැබෙන්නේ නැත.
ගුණමකු පුත්‍රයා ගැන බොරලැස්ගමුව පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරන්න)

No comments:

Post a Comment

Post Bottom Ad