ලක් වැසියනි මට සමාවෙන්න - මැතිව්ස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 19, 2018

ලක් වැසියනි මට සමාවෙන්න - මැතිව්ස්

සියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි තරගාවලිවලදී බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය. වැනි කණ්ඩායම් දෙකක් හමුවේ පරාජය වි රට පහතට දමා තරගාවලියෙන් ඉවත් විම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව අයැද සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්
පෙරේදා (17) රාත්‍රී පැවසීය.
අබුඩාබිහි ශීක් ශයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 91 කින් පරාජය විමෙන් පසුව මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
"අපි හොදට ක්‍රීඩා කළේ නෑ. අපි මේ අවස්ථාවේදී අපේ මුළු රටම පහතට දැමිමා. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා".
"මෙවැනි තරගාවලියකදී

මෙවැනි කණ්ඩායම් දෙකකට පරාජය වෙලා කණ්ඩායම එළියට යන එක ලොකු කලකිරීමක්. මම ඇතුළු සමස්ත කණ්ඩායම සහ පුහුණුකරු අපි හැම දෙනාම ලෝකු කලකිරීමකට පත්වයි ඉන්නේ".
"කොහොම උත්තර දෙන්නද? ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. පන්දුවට පහර දීම තමයි තරග දෙකේදිම බලපෑවේ. අපිට අවස්ථා දෙකේදීම ලකුණු 150 ක් රැස්කරන බැරි වුණා. අපි හොඳ කණ්ඩායමක්, මේක දුර්වල තත්ත්වයක්”
"බංග්ලාදේශය පහසුවට ගන්න බෑ. බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීකයන් අඛණ්ඩව වසර 10 ක්, පමණ ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් පසුගිය වසර එකහාමාරක පමණ කාලයේ දස්කම් දක්වලා තියෙනවා. නමුත් බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය විම ගැන කණගාටු වෙනවා"
"මම හිතන්නේ බංග්ලාදේශ තරගයට වඩා හොදට මේ තරගයේදී පන්දු රැක්කා. පන්දු යැවිම සහ පන්දු රෑකීම නොවෙයි. අවස්ථා දෙකේදි ලකුණු 260 ක් සහ 250 ක් ඒ තණතීරුවිල ලබාගන්න පුළුවන්, ප්‍රධාන විවේචනය එල්ල විය යුත්තේ සමස්ත පිතිකරු ලැයිස්තුවටයි" .
"අපි පළමු තරගයේදි ලකුණු 150 ට දැවී ගියා. මේ තරගයේදිත් එහෙමයි. පිතිකරුවන් අතින් තමයි මේ තරග දෙකම පරාජය වුණේ. මම හිතන්නේ පන්දු යවන්නන් හොදට පන්දු යැව්වා. අපේ පන්දු රැකීම ඉහළ මටිටමක තිබුණේ නැති වුණත් මේ තරග දෙකේදිම ලකුණු 250 ක් හඹායන තිබුණා. ඒ තණතිලි දෙකේම එය කරන්න පුළුවන්"
චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයට බාරගැනීමෙන් පසුව තත්ත්වය පිළිබඳව කළ විමසීමේදි මැතිව්ස් මෙසේ පැවසීය.
"හතු (චන්දික හතුරුසිංහ)

ලොකු කැපකිරීමක් කරනවා. පුහුණුවීම්, සැලසුම්, ශාරිරික යෝග්‍යතාව පවත්වා ගැනීම, මානසික තත්ත්වය ආදි බොහෝ දේවල් ඔහු ඉටු කරනවා. ඔහු අවශ්‍ය දේ කරනවා නමුත් අපියි මැද ක්‍රීඩා කරන්නේ”
" අපි බංගලාදේශ තුන්කොන් තරගාවලිය ජය ලැබුවා. ඊට පසුව දකුණු අප්‍රිකානු තරගාවලිය සහ නිදහස් කුසලාන පරාජය වුණා. ඒ ප්‍රතිඵල බලන විට අපේ සීමිත ඕවර තරග ප්‍රතිඵල හොද නෑ. ලෝක කුසලානයටම තව මාස 10 ක් පමණයි තියෙන්නේ . ඒ සදහා විකල්පයක් සොයා ගත යුතුයි "
"මේක දක්‍ෂතා පිළිබදව ප්‍රශ්නයක් නොවෙයි. පීඩනය සහ අවස්ථාව පාලනය කිරීම පිළිබද ප්‍රශ්නයක් තියෙන්නේ. මෙහි අවස්ථා දෙකේදිම අපි පීඩනය සහ අවස්ථා පාලනය කළ ආකාරයට දුර්වලයි. මේක මනසින් කළයුතු දෙකක්. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයට සති කීපයක් තියෙනවා. එය අභියෝගමත් තරගවලියක් ඒ නිසා මෙම පීඩනයෙන් මිදිලා ඒකට සුදානම් වෙනවා"
පුහුණුකරුට සියලු දේ කරන්න බෑ. පීඩනය පාලනය කරන්න ඉගෙන ගත යුතුයි. ක්‍රීඩකයන් ඉගෙන ගතයුතුයි පීඩනයට මුහුණ දෙන්න. ඒක ස්වභාවයෙන්ම තිබිය යුතුයි. එසේ නොවේ නම් ඉගෙන ගත යුතුයි. අපි මෙහිදී පීඩනයට මුහුණ දුන් ආකාරය ගැන ගොඩක් ලැජ්ජයි"
ශ්‍රී ලංකා පිල ඊයේ (18) ඩුබායි නුවරින් නැවත ශ්‍රී ලංකාව බලා පිටත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad