ආසියානු කුසලානයෙ ඉන්දියාවටත් වඩා වැඩ පෙන්වා ඇත්තෙ ශ්‍රි ලංකාවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ආසියානු කුසලානයෙ ඉන්දියාවටත් වඩා වැඩ පෙන්වා ඇත්තෙ ශ්‍රි ලංකාවයි..

මෙතෙක් පවත්වා ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 13 ක් වන අතර එයින් 6 ක ඉන්දියාව ජයග්‍රහණය වාර්තා කර පෙරමුණ ගනිද්දී තරගාවලි 5 ක ජය ශ්‍රී ලංකාව වාර්තා කිරීමට සමත් කම් දක්වා ඇත.එක් තරගාවලියක පමනක් ජය පකිස්ථානය ලබා ගනිද්දී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ආසියානු කුසලානයේ වැඩි දක්ෂතාවයක් පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්කම් දක්වා ඇත.

ආසියානු කුසලාන තරග වල වැඩිම ලකුනු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවා සනත් ජයසූරිය වන අතර ඔහු තරග 25 ක දී ලකුනු 1220 ක් වාර්තා කර ඇත්තෙ 53.04 ක අගනා පිතිකරන සාමාන්‍යයක් රඳවාගෙන ශතක හයක් හා අර්ධ ශතක තුනක් වාර්තා කරමින්‍ ය. එම ලයිස්තුවේ දෙවන ස්තානය කුමාර් සංගක්කාර හිමිකරගෙන ඇති අතර ඔහු තරග 24 කදී ලකුනු 1075 ක් වාර්තා කර ඇත්තෙ 48.86 ක පිතිකරන සාමාන්‍යයක් රඳවා ගනිමින් ශතක හතරක් හා අර්ධ ශතක අටක් වාර්තා කරමින්‍ ය.

ආසියානු කුසලාන තරගවල වැඩිම ලකුනු ලයිස්තුවේ තුන්වන ස්තානය සචින් තෙන්ඩුල්කාර් හිමි කරගෙන ඇති අතර ඔහු තරග 23 කදී ලකුනු 971 වාර්තා කර ඇත්තෙ 51.10 ක පිතිකරන සාමාන්‍යයක් රඳවා ගනිමින් ශතක 2ක් හා අර්ධ ශතක 7 ක් වාර්තා කරමින්.. එම ලයිස්තුවේ හතරවන හා පස්වෙනි ස්තාන පිලිවෙලින් අර්ජුන රනතුංග හා මහේල ජයවර්ධන දිනා ඇත.

ආසියානු කුසලාන තරගවල වැඩිම කඩුලු ලාභියා මුත්තයි මුරලිදරන් වන අතර ඔහු තරග 24 කදී කඩුලු 30 ක් බිද හෙලීමට සමත්කම් දක්වා ඇත. දෙවනි ස්තානය අජන්ත මෙන්ඩිස් දිනා ඇති අතර ඔහු ඔහු තරග 8 කදී කඩුලු 28ක් බිඳ හෙලා ඇත.. එම ලයිස්තුවේ තුන්වෙනි ස්තානය සහීඩ් අජ්මාල් දිනාගෙන ඇති අතර ඔහු තරග 12 කදී කඩුලු 25 ක් වාර්තා කර ඇත. හතරවෙනි හා පස්වෙනි ස්තාන පිලිවෙලින් ලසිත් මාලිංග හා චමින්ද වාස් දිනාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad