ඉන්දුනීසියාවේ 7.7 ක භූමිකම්පාවක් හා සුනාමියක් මියගිය ගණන 400 ඉක්මවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 29, 2018

ඉන්දුනීසියාවේ 7.7 ක භූමිකම්පාවක් හා සුනාමියක් මියගිය ගණන 400 ඉක්මවයි

https://www.gossiplankanews.com/2018/09/tsunami-hits-indonesia-sulawesi-island.html#more
න්දුනීසියාවේ සුලවේසි දූපත ආශ්‍රිතව ඇති වූ ඒකක 7.7 භූ කම්පනයෙන් සහ සුනාමි තත්ත්වයෙන් මියගිය පිරිස මේ වනවිට 400 ඉක්මවා තිබේ.භූ කම්පනයෙන් ප්‍රධාන පල්ලියක් එහි සිටි මුස්ලිම් බැතිමතුන් සමග මුළුමණින් විනාශ වූ අතර නිවාස, ගොඩනැගිලි වාහන හා මුහුද ආශ්‍රිත දේපළ බොහොමයක්
විනාශයට පත්ව තිබේ.
ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී ඉතිරී ඇති බවයි. සුනාමිය බලපෑ ස්ථානවල ජීවතුන් අතර සිටින්නන් හෝ අතුරුදන්වූවන් පිළිබඳ විස්තර තවම පැහැදිලි නැති අතර සහ මළ සිරුරු සෙවීමට ද විශාල පිරිසක් මේවන විට එක්ව තිබෙන බව වාර්තාවේ.
සුලවේසි දිවයින ආශ්‍රිතව ඊයේ ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ ඒකක 7.5ක් ලෙසයි. එම අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට බලධාරීන් කටයුතු කළද වැඩිවේලාවක් යන්නට මත්තෙන් පසුකම්පන තත්ව හා සුනාමි රළ කඩාවැදීම නිසා මෙම විනාශය ඇතිව තිබේ.

ඇසින් දුටුවන් වාර්තා කර තිබෙන පරිදි මීට 6 ක් (අඩි 18 ක්) පමණ උසට මුහුදු රළ ගොඩබිම කරා ඇදි ආ බව වාර්තාවේ.
සුලවේසිහි පලු නගරය මේ නිසා වැඩිම විනාශයට ලක්වූ නගරය වන අතර එහි ජීවත් වූ පවුල් රැසක් අතුරුදන් වී ඇති බව පැවසේ.
අදාළ ප්‍රදේශ ආශ්‍රිත සන්නිවේදනෙ සහ විදුලි බලය මේවන වි‍ෙ බිඳ වැටී ඇත. වහාම ක්‍රියාත්මකවන පරිදි පලු නගරයේ ගුවන්තොටුපොල වසා දමා ඇත.
ඉන්දුනීසියාව භූමි කම්පා කලාපයේ රටක් වන අතර නිරන්තර කම්පන හා සුනාමි තත්වයන් වාර්තා වන රටකි. කෙසේ වෙතත් මෙම නවිනාශය සිදුවූ පලු නගරය ආසන්න කාලයක භූ කම්පන වලට ගොදුරුවී නැත මින් ඉහත 1927 හා 1968 එහි භූ කම්පන ඇතිව තිබෙන බවට ඉතිහාස වාර්තා තිබේ.
මෙම කම්පන තත්වය ලංකාවට බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත. කෙසේ වෙතත්
දිවයින අවට මුහුදු ප්‍රදේශ  දැඩි ලෙස රළු වීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට මෙම අවදානම වැඩි බව පවසා තිබේ.
ඉන්දුනීසියාවේ පලු නගරයේ සුනාමි රළ ගොඩබිමට ඇතුළුවන අවස්ථාවේ දර්ශන පලු නගරයේ සාප්පු සංකීර්ණයක ඉහළ මහලේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනේ පහත පරිදිය.


No comments:

Post a Comment

Post Bottom Ad