සැමියා ගස් බැඳ 22 හැවිරිදි බිරිද සමූහ දූෂණය කළ දෙදෙනාට වසර 34 ක සිර දඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 21, 2018

සැමියා ගස් බැඳ 22 හැවිරිදි බිරිද සමූහ දූෂණය කළ දෙදෙනාට වසර 34 ක සිර දඬුවම්


පොලිසියෙන් කියා මහ රෑ නිවසට පැමිණ අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ල කා දෙදරු මව සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනකුට වසර 34 ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලකුත් ගෙවන ලෙස නියම කළේය.

 අම්බලන්තොට මාමඩල ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනකුට වසර 17 බැගින් වසර 34 ක සිර දඬුවමක් හා වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පෙරේදා (18 දා) නියෝග කළේය.

 මෙලස බර වැඩ සහිත සිරදඬුවම් නියම වූයේ හුංගම, දෙනියහන්දිය කඬේ පදිංචි කරුවන් දෙදෙනකු වන ඞී. කේ. පී. නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී. ජී. පියරත්න නමැති

සැකකරුවන් දෙදෙනාටය.

 සැකකරුවන් දෙදෙනා 1994.10.02 වන දින අලූයම 02 ට පමණ ඞී 02 ඇල, නුගේවෙල, මාමඩල, අම්බලන්තොට ප‍්‍රදේශයේ නිවසකට පැමිණ නිවසේ නිදා සිටි අය පොලිසියෙන් ආ බව පවසා ඇහැරවා අත් පා ගැට ගසා අවි පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා තිබේ. පසුව සැකකරුවන් නිවසේ සිටි 28 හැවිරිදි ගෙහිමියා මිදුලේ ගැටගසා සිටියදී 22 හැවිරිදි දෙදරු මව නිවස තුළට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර සැකකරුවන් පලා ගොස් තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ. සැකකරුවන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චෝදනාවන් සඳහා සැකකරුවන් වැරදි කරුවන් බවට ඔප්පු විය. සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාගය ආරම්භයේ පටන්ම එක් සැකකරුවෙකු අධිකරණය මග හැර සිටි අතර එක් සැකකරුවෙකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු නොමැතිව පැවති දීර්ඝ නඩු විභාගයේදී අවි පෙන්වා බිය ගන්වා මංකොල්ල කෑම හා සමූහ දූෂණය යන චෝදනාවන් දෙක සඳහා වැරදි කරුවන් බවට ඔප්පු විය.

 ඒ අනුව සැකකරුවන්ට දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වරයා පළමු සැකකරු වන ඞී. කේ. පී. නිශාන්ත කුමාර යන අයට පළමු චෝදනාව සඳහා වසර 12 ක බරවැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද, තුන්වන චෝදනාව සඳහා වසර 05 ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩ මුදලක් හා අගතියට පත් කාන්තාවට රුපියල් 150,000/= ක වන්දි මුදලක්ද නියම කෙරිණි. දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 04 ක සිර දඬුවමක්ද පළමු චූදිතට නියම කෙරිණි.

 දෙවන සැකකරු වන ටී. ජී. පියරත්න යන අයට දෙවන චෝදනාව සඳහා වසර 12 ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩ මුදලක් නියම කෙරුණු අතර,තුන් වන චෝදනාව සදහා වසර 05 ක බර වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 5000 ක සිර දඬුවමක් නියම කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad