කුසල් ඉදිරියේ අයි.සී.සී.ය දණ නමයි..අවසන් තරග දෙක ක‍්‍රීඩා කිරීමට සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

කුසල් ඉදිරියේ අයි.සී.සී.ය දණ නමයි..අවසන් තරග දෙක ක‍්‍රීඩා කිරීමට සූදානම්..

ශ‍්‍රී ලංකා සුපිරි වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා හදිසියේම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් කුසල් පෙරේරාට හිමිවිය යුතු වන්දි මුදල ගැන අවසන් එකගතාවයකට පැමිණිම සදහා කුසල් මෙසේ එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ශ‍්‍රී ලංකා විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග 04ද අහිමිවිය.

තහනම් උත්තේජක ලබාගත් බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් කුසල් පෙරේරාට චෝදනා එල්ල කර තිබු අතර ඉන් පසු සිදුකල පරීක්ෂණයෙන් හෙළි වූයේ කුසල් එම චෝදනා වලින් නිදහස් බවයි.  එම චෝදනා හේතුවෙන් ඔහුට සිදුවූ අපහසුතාවය වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල සම්බන්ධයෙන් නීතිඥවරු සමග සාකච්ජා කිරීමට හා එම වන්දි මුදල ලබාගැනීමට සදහා කුසල් එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් පළාත් විස්සයි 20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක සදහා කුසල් ක‍්‍රිඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad