දරු ගැබ බලෙන් වනසන්න අනියම් සැමියා කියනවා කියා පොලිසි ආ කාන්තාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 14, 2018

දරු ගැබ බලෙන් වනසන්න අනියම් සැමියා කියනවා කියා පොලිසි ආ කාන්තාව

කාන්තාවකගේ දරු ගැබක් විනාශ කර දැමීමට බලපෑම් කළ පුද්ගලයකු අත්අඩංගුචට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්වූයේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා යැයි
කියන බද්දේගම - ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකි. මෙම කාත්තාවද පෙර විවාහයෙන් සැමියාගෙන් වෙන්ව සිටින එක්දරු මවක වන අතර ඇය දැනට අනියම් සැමියා සමඟ වසර හතක පමණ කාලයක් විවාහයකින් තොරව අඹු සැමියන් ලෙසින් ජීවත් වෙයි.

මෙහිදී මෙම සැමියාට දාව

දරුවකු ලැබෙන්නට සිටින බැව් දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව උරණව එම දරු ගැබ විනාශ කිරීම සඳහා ඔහු විවිධ දේශීය බෙහෙත් වර්ග ගෙනවිත් දී ඇත. එයින්ද පලක් නොවූ තැන ප්‍රදේශයේ බෙහෙත් හලකින් ගෙනා පෙති වර්ගයක් කැමැත්තකින් තොරව පානය කිරීමට ඇයට බල කරන ලද අවස්ථාවේ මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමටත් ඔහුට විරුද්ධව 2018.11.07 දිනට චෝදනා ගොනුකරන ලෙසත් බද්දේම මහෙස්ත්‍රාත් ටී.ඒ. ධම්මික හේමපාල මහතා විසින් නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad