විදේශිකයන්ට නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 18, 2018

විදේශිකයන්ට නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම්

පුරවැසීහාවය නොලැබූ විදේශීකයන්ට, නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත පෙරේදා (15) නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත විය.
විදේශීය ආයෝජකයන් පැමිණ, නවසීලන්ත වැසියන්ගේ
නිවාස සහ ඉඩම් මිලදී ගැනීමත්, නිවාස නොමැතිව නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු අර්බුදවලට මුහුණදීමත් සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය නව පනත් කෙටුම්පතක පාලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එම අවස්ථාවේදී 63 දෙනෙක් ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප්‍රකාශ කළහ.

විරෝධය දැක්වූ ගණන 57 කි. නිවාස මිලදී ගැනීමට තහනම් වුවත්, මහල් නිවාස සංකීර්නවල කුඩා නිවාස මිලදී ගැනීමට නවසීලන්ත පුර වැසිභාවය නොමැති එරටට පැමිණ පදිංචි වන විදේශිකයන්ට අවසර හිමිවන බව රජය පවසා ඇත. නවසීලන්ත පුරවැසිභාවය හිමි විදේශිකයන්ට මෙම නීතිය වලංගු නොවෙයි. ඊට අමතරව, නවසීලන්තයේ පදිංචි හෝ පදිංචියට පැමිණෙන නවසීලන්ත පුරවැසි භාවය නොමැති සිංගප්පුරු සහ ඕස්ට්‍රෙලියා ජාතිකයන්ට ද මෙම නව නීතිය බලපාන්නේ නැති බව ද නවසීලන්ත රජය කියා සිටී. සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව සමග නවසීලන්තය වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් කර ඇති හෙයින්, සිංගප්පූරු සහ ඕස්ට්‍රෙලියා වැසියන්ට මෙම නව නීතිය අදාල නොවන බව නවසීලන්ත අගමැතිනී 37 හැවිරිදි ජැසින්ඩා අර්ඩර්න් පවසා ඇත.

විදේශිකයන් වැඩි වැඩියෙන් නිවාස මිලදී ගැනීමට පෙළඹීම හේතුවෙන් නවසීලන්තයේ නිවාසවල මිල ඉහළ ගොස් ඇත. පසුගිය වසර 10 ක කාලයේ එය සියයට 60 කින් ඉහළ සිය බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad