රතු අලි පැටවුන් වැනි විපක්ෂයේ කපටියන්ට මේ වැඩ බැරි ආණ්ඩුවේ ගමන නතර කරන්න බෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 16, 2018

රතු අලි පැටවුන් වැනි විපක්ෂයේ කපටියන්ට මේ වැඩ බැරි ආණ්ඩුවේ ගමන නතර කරන්න බෑ


තෝරාගත් සටන් පාඨ කොඳුරන ජවිපෙ රතු අලි පැටව් වැනි කපටි ආණ්ඩු විරෝධීන්ට මේ පර ගැති, වැඩ බැරි හිඟන ආණ්ඩුවේ ගමන නතර කළ නොහැකි බවත් ප්‍රගතිශීලී ජනතාව සමඟ එකතු වී ආණ්ඩු විරෝධී සටන මහපාරට රැගෙන ආ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.
පසුගියදා යාපහුව මැල්වත්ත හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රිවරයා එසේ කීය.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කියා සිටියේය.
දැන් බලන්න, හමුදාවේ පිරිස් බලය 25%කින් අඩු කිරීමට හදනවා. ඒ යටතේ බළඇණි 33ක් ඉවත් කෙරෙනවා. ඒ බළඇණි 33ට අයත් යුද හමුදා කඳවුරු 100කට අධික ප්‍රමාණයක් ද ඒ සමඟම ඉවත් වෙනවා. ඒ විතරක්ද? අපේ බුද්ධි අංශ නිලධාරීන්ට අභූත චෝදනා නඟා සිරගත කොට තිබෙනවා. එසේ බුද්ධි අංශ නිලධාරීන් මර්දනය හේතුවෙන් අද රාජ්‍ය බුද්ධි තොරතුරු ජාලය බිඳ වැටී තිබෙනවා. එසේම, අපේ ආරක්ෂක හමුදාවත් 'අතුරුදන් කරවීම' යන යුද අපරාධය සිදු කළ බවට චෝදනා කොට දෙස් - විදෙස් අධිකරණවල ඔවුන්ට විරුද්ධව නඩු ඇසීමට හැකි නීතිමය ප්‍රතිපාදන දැන් සැකසී අවසන්. මේ ආණ්ඩුව 'අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත' සම්මත කළා.
එමඟින් අර්ධ අධිකරණ කොමිසමක් පිහිටුවනු ලැබුවා. දැන් එම කාර්යාලයේ ප්‍රධානීන් ලෙස කොටි හිතවාදීන් පත්කොට තිබෙනවා. එම කාර්යාලය අපේ රණවිරුවන්ට එරෙහිව 'අතුරුදන් කරවීම' යටතේ චෝදනා හදන චෝදනා ෆැක්ටරියක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම දෙවනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය, පනත නමින් තවත් පනතක් සම්මත කළා. එමඟින් රණවිරුවන්ට එරෙහිව 'අතුරුදන් කරවීම' යන චෝදනාව යටතේ නඩු ඇසීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට පුළුවන්. ඒ වගේම ඉහත ප්‍රඥප්තියට අස්සන් කළ රටක අතුරුදන් කරවීම යන චෝදනාව යටතේ නඩු පවරනු ලැබූ අපේ රණවිරුවකුව ඒ රටට භාරදීමට අපි බැඳී සිටිනවා. මේ සියල්ල අපට පෙන්වන්නේ කුමක්ද? අපේ ආරක්ෂක හමුදාවන් දුර්වල කොට, දුර්මුඛ කරන බවයි. මේ රටේ ජාතික ආරක්ෂාව ඉතාමත් බරපතළ ලෙස බිඳ වට්ටවා ඇති බවයි. මේ මා ඉහත කියූ චිත්‍රයේ එක් කොටසක්.
සිංගප්පූරුව සමඟ අස්සන් තැබූ වෙළෙඳ ගිවිසුම මඟින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළු විස ද්‍රව්‍ය පැමිණීම සිදුවෙනවා. නමුත් බලන්න, එමඟින් ග්‍රාමීය ආර්ථිකය විනාශ කිරීමට ඉඩ හදාගෙන තියෙන විදිය.
මේ ගිවිසුම සහ දෙසැම්බරයේදී අස්සන් තබන එට්කා ගිවිසුම මඟින් විදේශ ශ්‍රමිකයන් අඩු වැටුපට ලංකාවට ගෙන එන්නට පුළුවන් නිසා අපේ ශ්‍රමිකයාගේ වැටුපත් අඩු වෙනවා. ඔබ නගරයට යන විට ඒ අඩු වැටුපට තමයි සේවය කරන්න වෙන්නේ.
දැන් විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව ගැනීමට නීති හදලා තිබෙනවා. ඒ අතරේ බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙනවා. ඒ ඔබට ආදරේට නෙවෙයි. මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය වට්ටනවා. ඉබේ වැටෙනවා නෙවෙයි, ඒක කරන්නේ තමන් බලයට ගෙන ආ බටහිර බලවතුන්ගේ, ඉන්දියාවේ උපායමාර්ගික සැලැසුමට අනුව.කුඹුරුවල මිරිදිය මාළු හැදීමේ ව්‍යාපෘති, සෝලා පැනල් සවි කිරීමේ ව්‍යාපෘති එන්නේ අපේ ආර්ථිකයේ පදනමට ගහන්න. ආහාර සුරක්ෂිතතාව අහිමි කරන්න.
ඒ වගේම බේ‍රා්කර් අගමැති මේ රටේ මූලෝපායික වශයෙන් වැදගත් ආර්ථික සම්පත් විදේශ රටවලට විකුණා දමමින් සිටිනවා. නව සේද මාවත ඉදිවූවාට පසු ලෝකයේ දියුණුතම වරායවල් 10 අතරට ගැනෙන හම්බන්තොට වරාය චීනයට කුණුකොල්ලයට විකුණා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කර අවසන්. මේ වගේම ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ඉදිකළ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීමට යනවා. මම දැක්කා ඉන්ජිනේරු පා.ච. රණවක ඇමැතිවරයා පවසා තිබෙනවා 'දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හැදිය යුත්තේ කටුනායක ආසන්නයේ' කියලා. ඒක මොන ගොන් කතාවක්ද? කටුනායක කාලගුණ තත්ත්වය අයහපත් වන විට විකල්පයක් ලෙසයි ස්ථානයක් සෙවිය යුත්තේ. අපේ රටේ ජාත්‍යන්තරව පිළිගත් ගුවන් ගමන් විශේෂඥයන් තමයි ඒ සඳහා සුදුසුතම මත්තල හා වීරවිල බවට නිර්දේශ කළේ.
හම්බන්තොට වරාය චීනයට දීලා දැන් මත්තල ගුවන්තොටුපොළ විතරක් නෙවෙයි කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය, ගාලු වරාය, ත්‍රිකුණාමල වරාය (ඉන්දීය - චීන - සිංගප්පූරු හවුල් සමාගමකට) දෙන්න හදනවා. ඒකට මේ ආණ්ඩුවේ 'සුවපති' කියන්නේ රාජතාන්ත්‍රික බැලන්ස් කිරීම කියලයි. දෙසැම්බරයේ එට්කා අස්සන් කළාම අපේ රටේ රැකියා වෙළෙ¼දපොළ ඉන්දියන් ශ්‍රමිකයන්ට විවෘත වෙනවා.
මේ ආකාරයට මේ නව ලිබරල්වාදී ව්‍යාපෘතියට ඉදිරියට යන්න දුන්නොත් මේ රටේ ස්වදේශික ජනතාව මේ රට ගිලගන්න ආපු විදේශික සමාගම් ඉදිරියේ අසරණ වේවි. මේ බියකරු අනාගතය අබියස සිටින අපිට තවදුරටත් නිහඬව සිටිය හැකිද? මේ මහා පින්තූරය දැක්කට පස්සේ හුදු මතුපිට තලයේ විරෝධය දැක්වීමකින් නතර විය හැකිද?
21,745 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad