වෛද්‍ය නොසැලකිල්ලෙන් මියගිය දරුවකු නිසා ගලහ රෝහල නොසන්සුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

වෛද්‍ය නොසැලකිල්ලෙන් මියගිය දරුවකු නිසා ගලහ රෝහල නොසන්සුන්

හනුවර ගලහ රෝහලට ඇතුළත් කළ වයස තුනහමාරක් වන කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ. රෝහලේ සිටින වෛද්‍යවරුන් දෙදෙනා දරුවා හරියාකාරව පරීක්ෂා නොකිරීම හා අවශ්‍ය පියවර නොගැනීම නිසා
මෙම මරණය සිදුවූ බව දෙමාපියන් හා එම ඥාතීන්ගේ මතයයි. දරුවා පරීක්ෂා කාරීම පමා කර පසුව පේරාදෙණිය වෙත මාරු කර තිබූ නමුත් එයද පමාකළ නිසා දරුවාගේ ජීවිතය අහිමිව ගොස් තිබුණි.

ඉන්පසු රෝහල වැටලූ පිරිස් එහි වෛද්‍යවරුන්ට එලියට එන්නට බැරිවන ලෙස අවහිර  කර රෝහලේ දේපළ වලට අලාබ කරමින් හැසිරී ඇත. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ගෙන්වා තිබේ.
අවුරුදු තුනහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් තිබුණි.


සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට දරුවාව ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් කටයුතු කරත් පැය දෙකක පමණ කාලයක් යනතුරු වෛද්‍යවරුන් නිසි ලෙස පරීක්ෂා නොකළ බවට චෝදනාවේ දැක්වේ.

පසුව දරුවාව පේරාදෙණිය රෝහලට රැගෙන යාමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතත් එයද පමාවී ඇත්තේ එම අවස්ථාවේදී රෝහල තුළ ගිලන් රථයක් නොමැතිවීම හේතුවෙනි. ත්‍රීරෝද රථයකින් දරුවාව ගෙනයන්නට දෙමාපියන් ඉදිරිපත්වුවද ඒ සඳහා අවසර ලබා දී නැත. මෙම පමාව අතරතුරදී දරුවා මිය ගිය බව වාර්තා විය.

එම අවස්ථාවේදී ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රදේශවාසීන් රෝහලේ ගොඩනැගිල්වලට සහ වෛද්‍යවරු දෙදෙනකුගේ මොටර් රථවලට පහරදී තිබෙයි.
අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද පැමිණියේය. පොලිස් නිලධාරියෙකු පැමිණ විරෝධතාකරුන්ට ලිපියක් පෙන්වමින් කියා සිටියේ මෙම වෛද්‍යවරයා මහනුවර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට මාරුකර ඇති බවයි. නමුත් වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්නා තුරු විරෝධතාව අත්නොහරින බව කියමින් මේ වන විටත් විරෝධතාකරුවන් රෝහල් භූමියේ රැඳීසිටින බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad