ඉන්දියාව අන්ත පරාජයි – අපේ රසල් දීපු සුපිරි බයිට් එකට ඉන්දීය රසිකයන්ට කේන්ති ගිහින්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 14, 2018

ඉන්දියාව අන්ත පරාජයි – අපේ රසල් දීපු සුපිරි බයිට් එකට ඉන්දීය රසිකයන්ට කේන්ති ගිහින්..!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝර්ඩ්ස් පිටියේ පැවැති දෙවන ටෙස්ට් තරගයෙන්ද ඉන්දීය කණ්ඩායමට අන්ත පරාජයක් හිමි විය. දෙවෙනි ඉනිමේද ලකුණු 130කට සියලු දෙනා දැවී ගිය ඉන්දීය කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 159ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.

මෙම පරාජයත් සමග හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් සිය ට්විටර් ගිණුමේ තැබු සටහනක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙහිදී රසල් සටහන් කර තිබුනේ “ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලෝර්ඩ්ස් පිටියේ ක්‍රීඩා කළ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ” බවයි. ලෝර්ඩ්ස් පිටියේ අන්ත පරාජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම රසල් ආර්නෝල්ඩ් එලෙසින් සියුම් උපහාස‍යට ලක්කර තිබුනා.

කෙසේ වෙතත් රසල් ආර්නෝල්ඩ්ගේ මෙම ට්විටර් සටහනෙන් පසුව ඉන්දීය රසිකයන් දැඩි කෝපයට පත්ව සිටින අයුරු ට්විටර් සමාජජාලයේදී දැකගත හැකි වුනා.

රසල් ආර්නෝල්ඩ්ගේ ට්විටර් පණිවිඩය පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad