ඔහු විශිෂ්ටයි…..යළි කණ්ඩායමට ඇතුළත් වීමට නම් ‘මාලිංග’ කලයුතු දේ ගැන හතුරු කියන කතාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 13, 2018

ඔහු විශිෂ්ටයි…..යළි කණ්ඩායමට ඇතුළත් වීමට නම් ‘මාලිංග’ කලයුතු දේ ගැන හතුරු කියන කතාව මෙන්න

2019 ලෝක කුසලානය සදහා යන කණ්ඩායම තවමත් හදුනාගෙන නැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කන්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.මේ වන විට විනය විරෝධී කටයුතු හේතුවෙන් තරග තහනමට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක හා ජේෆ්රි වැන්ඩර්සේ මෙන්ම සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග හටද එම සංචිතයට එක්වීමට අවස්ථාවක් ඇති බවද එහු පවසයි.

‘මම ගොඩක් කණගාටුයි මේ වගේ විනය විරෝදී කටයුතු සිදු වෙන එකගැන.අපේ සංස්කෘතිය වෙනස්.අපි මේක ඉවසන්නේ නෑ.ඒක නිසයි ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරල තියෙන්නේ.මිනිස්සු අතින් වැරදි වෙනවා.අපිට අවශ්‍යයි එවුන් දෙවැනි අවස්ථාවක් දෙන්න.ඔවුන් මීනීමරල නෑ.ඔවුන් කණ්ඩායමේ නීති කඩල විතරයි..ඔවුන් යළි කණ්ඩායම පැමිණේවි.’යැයි හතුරුසිංහ පවසයි

මේ අතර අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ලසිත් මාලිංග එක්වන බවට නොයකුත් පුවත් පළවුවත් එම සංචිතයකට මාලිංග නමි නොකල අතර එය හේතු වශයෙන් වාර්තා වන්නේ මෙම වසරේ පැවැති පළාත් තරගාවලියට මාලිංග සහභාගී නොවීමයි.එම කාලය තුල මාලිංග අයි.පී.එල් තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයකු වශෙවන් කටයුතු කළේය.

කෙසේ වුවත් මෙම වසරේම පැවැති විස්සයි 20 පළාත් තරගාවලියේදී මාලිංග වැඩිම කඩුලු ලාභියා වුවත් අප‍්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි20 තරගයෙන් මාලිංග නොසලක හැරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන හතුරුසිංහ පවසන්නේ මාලිංග මෙම මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සහභාගී වී දස්කම් දැක්විය යුතු බවයි.

‘දිගු කාලයක් යද්දී තේරීම්කමිටුවට අවශ්‍ය දේ සිදුවේව.මාලිංග අපේ සැලසුම් වල කොටසක්.ඔහු දේශීය තරගාවලිය සදහා සහභාගී විය යුතුයි.අපි කාටවත් වෙනසක් කරන්න යන්නේ නැ.කාණ්ඩායම අංක එක.කණ්ඩායම් සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි.අපි ඔහුට වෙනස් විදියකට සලකන්නේ නෑ.ඔහු විශිෂ්ට ක‍්‍රිඩකයෙක්..ඔහු පෙන්වන්න අවශ්‍යයි අතීතයේ ඔහු කරපු දේවල්..පන්දුවෙන් විතරක් නෙමෙයි..පන්දු රැුකීමෙනුත්..දේශීය විස්සයි 20 තරගාවලිය හොද අවස්ථාවක් ඔවුට වැඩ පෙන්වන්න.’

No comments:

Post a Comment

Post Bottom Ad