කඩිනමින් හොරු අල්ලන විශේෂ මහාධිකරණය අද 21 සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 21, 2018

කඩිනමින් හොරු අල්ලන විශේෂ මහාධිකරණය අද 21 සිට


බරපතළ මූල්‍ය නඩු විභාග කිරීම සඳහා වත්මන් රජය විසින් ස්ථාපිත කරන ලද ප්‍රථම විශේෂ මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21දා) පෙරවරු 11ට විවෘත කිරීමට නියමිතය.
අද දින සිට එකී අධිකරණයේ නඩු
විභාගයට ගැනෙන බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙහි මුල්ම නඩුව ලෙස හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ට එරෙහිව පැවති මූල්‍ය දූෂණ නඩුවක් විභාගයට ගනු ඇත.
දූෂණ නඩු විභාග කිරීම සඳහා වත්මන් රජය විසින් විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති අතර අද දින කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී විවෘත කෙරෙන්නේ එහි ප්‍රථම අධිකරණයයි.

No comments:

Post a Comment

Post Bottom Ad