අපට හිට්ලර් වගේ නායකයන් අවශ්‍ය නෑ - මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 13, 2018

අපට හිට්ලර් වගේ නායකයන් අවශ්‍ය නෑ - මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු


අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඊයේ 12 පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශයක් සිදු කර තිබේ.
‘අපේ රටට හිටිලර් අවශ්‍ය නැහැ. හිට්ලර්ගේ ජීවිතය තුළ ප්‍රශංසා කළ හැකි ලොකු දෙයක් නැහැ. හිටිලර් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආපු කෙනෙක් නොවෙයි.

බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නොයෙක් ආකාරයේ ඝාතන කළ ජර්මනිය අනවශ්‍ය යුද්ධයකට පැටලවු නායකයෙක්. ඔහු යුදෙව් ජාතිකයන් මිලියන හයක් ගෑස් කාමරවල දාල මරා දැම්මා. ලංකාවේ ඒ වගේ හිටිලර් කෙනකු බිහි වෙනවා නම් අපි ඒකට කැමැති නැහැ. අපේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරන මේ රටට ආදරය කරන ජනතාවගේ හදගැස්ම තේරුම් ගත් නායකත්වයක්. අපට හිටිලර් කෙනෙකුගේ අවශ්‍යතාවක් නැහැ‘

No comments:

Post a Comment

Post Bottom Ad