සැකයක් තිබුණා මගේ කෝල් ආන්සර් කරන්නෙ නෑ - ප්‍රියානිගේ සැමියාගේ පාපොච්චාරණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 11, 2018

සැකයක් තිබුණා මගේ කෝල් ආන්සර් කරන්නෙ නෑ - ප්‍රියානිගේ සැමියාගේ පාපොච්චාරණය

තා අවාසනාවන්ත ලෙස  ඝාතනය වූ ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසු මේ වනවිට තමා විසින් බිරියව කතුරු පහරකින් අට පොළකට ඇණ ඝාතනය සිදු කළ බවට වරද පිළිගෙන තිබේ.කුෂන් වැඩපොළක අත්උදව්කරුවකු ලෙස සේවය කරන ප්‍රභාන් රසික ඊටන් (52) නමැති
ඔහු සිද්ධිය සම්බන්ධයෙන්
පොලිසියට කරන ලද පාපොච්චාරණය පහත පරිදිය.
"මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඇතැම් අවස්ථාවල එයා භාවනා කරන්න කියාගෙන අනුරාධපුරයේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට

කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.

මගේ බිරිය මගෙන් කරදරයි කියල මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක් පවරලා තිබුණා. පසුව අධිකරණය මඟින් මට ගෙදර යෑම වසරකට තහනම් කළා.. ඒ තහනම පසුගිය මාසයේ ඉවත් වුණා. ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්නා සාමදානයෙන් ඉමු කියලා.
එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා.

එයා ආයෙත් ආරාමෙට යන කතාවක් කියාගෙන ගෙදරින් පිට ගියා. මං කතාකරාට ගණංගන්නෑ.
එයාගේ හැසිරීම් රටාව මට ඇල්ලුවේම නැහැ. කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි හිටියේ. එන හැම කෝල්වලටම එයා කතා කරනවා. මම කතා කළාම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ.

දෙපැත්ත මුවහත් කරපු කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා (08දා) රාත්‍රි අටට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ. ඊට පස්සේ මම මගේ බිරිය

හිටපු කාමරයට ගිහින් කතා කළා.ඒත් එයා මාව රුස්සන්නෙ නෑ.ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ඇතිවුණ කේන්තියත් එක්ක අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇනගෙන ගියා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. පස්සේ මම ගෙදරින් පැනලා ගියා.'

මෙම කෑගැසීම් හඩ ඇසුණත් නිවසේ රූපවාහිනිය බලමින් සිටි ලේලියට එම කාමරයට යන්නට බියක් ඇතිව තිබුණ අතර ඔහු තම සැමියාවූ ප්‍රියානිගේ බාලපුතුට ඇමතුමක් ගැන සිද්ධිය දන්වා තිබුණි.
ඒ අනුව අසළ වෙළෙඳ සලට ගොස් සිටි ඔහු මිනිත්තු 5 කින් පමණ ඇවිත් බලද්දී මව තුවාල සහිතව වැටී සිටි අයුරුත් මවගේ සිරුර අසළින්ම තමන්ගේ කුඩා බිළිඳා නිරුපද්‍රිතව සිටින අයුරුත් දැක තිබේ.

එම අවස්ථාවේ බිළිඳා ඉවතට ගෙන සිද්ධිය ගැන පොලිසියට දැන්වීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර ප්‍රියානි ඉක්මනින් රෝහලට ගෙනයන්නටද කටයුතු යොදා තිබේ.
කෙසේ වෙතත් රෝහලට ගෙන ගියනමුත් සිරුරේ අට පොළකට එල්ල කළ බරපතල කතුරු ප්‍රහාරය නිසා ප්‍රියානි මියගියාය.
අපරාධය සිදුවූ ස්ථානය හා ඝාතනයට ලක්වූ ගායන ශිල්පිනියගේ සිරුර පරීක්ෂා කළ පානදුර අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස හා සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළාය.

කතුරක කොටසකින් ඇන ඝාතනය කිරීමෙන් පසු පළාගිය සැකකාර සැමියා පසුදා උදෑසන අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් සැකකාර සැමියා ඊයේ (10දා) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad