සල්ලිවලට නීතිය යටයි කියා ලිපියක් ලියා තරුණයෙක් දුම්රියට පැනලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 19, 2018

සල්ලිවලට නීතිය යටයි කියා ලිපියක් ලියා තරුණයෙක් දුම්රියට පැනලා

සල්ලිවලට නීතිය යටයි. නීතියෙන් මට වුණේ හැමදාම අසාධාරණයක්‌ මම කරපු නැති දේකට මාව
බන්ධනාගාරයට යැව්වා.

ඒකයි මට දුක යනුවෙන් ලිපියක්‌ ලියා 25 හැවිරිදි තරුණයකු ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ සහ හීන්දෙනිය අතර දුම්රිය මාර්ගයේදී දුම්රියකට ගෙල තබා සියදිවි හානිකරගෙන තිබේ.

වේයන්ගොඩ, කරස්‌නාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සමරප්පුලි ආරච්චිලාගේ සජිත් රොෂාන් සමරප්පුලි නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණයා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.

ගම්පහ හදිසි මරණ පරීක්‌ෂක පී. ආර්. පී. රාජපක්‌ෂ මහතා ඉදිරියේදී ගම්පහ මහ රෝහලේදී 16 වැනිදා හදිසි මරණ පරීක්‌ෂණය පැවැත්විණි.

-ටෝනි කරුණානායක-

No comments:

Post a Comment

Post Bottom Ad