අනියම් සබඳතාව අත්හරින්න බෑ කිවූ නිසා මව දුවගේ දිගු කොණ්ඩය කපලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

අනියම් සබඳතාව අත්හරින්න බෑ කිවූ නිසා මව දුවගේ දිගු කොණ්ඩය කපලා


සිය වැඩිමල් දියණියන්ගේ මනාව වැවුණු කොණ්ඩය කපාදමා ශාරීරිකව අඩන්තේට්ටම් කළේ යැයි කරන්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ආපදාවට ලක්වූ කාන්තාවගේ මව හා බාල සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග
කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වඩිදුර වර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නඩුව 2018 සැප්තැම්බර් 20 වැනි දින නැවත කැඳවන බවත්  මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

සැකකරු හා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත

මේ වනවිට මුදාහැර තිබේ.මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ ගල්පොත්තාවල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි පතිරණ හේවාගේ ශේඛා දිල්මනී (40) සහ පත්තිනි හකුරු විනුත් සත්සර (24) යන දෙදෙනාය. සිය බිරියගේ මව සහ සහෝදරයා පැමිණ බිරියට පහරදී ඇයගේ කොණ්ඩය කපා දැමුවේ යැයි ගල්පොත්තාවල, කරන්දෙණිය පදිංචි පවුන්තුවාදුර සුසන්ත ආනන්ද (30) නමැති අය කරන්දෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ කොණ්ඩය කපාදමා ඇත්තේ  තල්ගහවත්ත, කරන්දෙණිය පදිංචි පත්තිනි හකුරු සනෝජා (30) නමැති කාන්තාවගේය. ආපදාවට පත් කාන්තාව මීට වසර කීපයකට පෙර විවාහවී එක් දරුවකු සිටින අයකු බවත් මේ වනවිට දෙදෙනා වෙන්ව ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පසුව ඇය දෙවැනි වරටද විවාහයක් කරගෙන තිබෙන බවත් මේ වනවිට එයින්ද වෙන් වී පැමිණිලිකරු සමඟ ජීවත් වන බවත් කරන්දෙණිය පොලීසිය කියයි. පැමිණිලිකරු ඇය සමඟ විවාහ වී නොමැති බවත් ඔහු ඇයගේ අනියම් පුරුෂයා බවත් කරන්දෙණිය පොලීසිය කියයි. ඇයගේ දරුවා මව සහ සහෝදරයා සමඟ මහ ගෙදර ජීවත්වන අතර දරුවා බලාගැනීමට ඇති අකැමැත්ත මත මෙසේ කොණ්ඩය කපදමා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

අනියම් සබදතා අතහරින්නට යැයි දියණියට පැවසුවත් එසේ නොකළ නිසා කොණ්ඩය කපා දැමු බව සකකාර මව පොලිසියට ප්‍රකාශ කර තිබේ. කරන්දෙණිය පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා චම්පිකා මහත්මියගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රණධීර (6021) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad