ඩොල්ෆින් මසුන් හතරදෙනකු කරවල කරන්න කෑලි කපමින් සිටි සැකකරු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 20, 2018

ඩොල්ෆින් මසුන් හතරදෙනකු කරවල කරන්න කෑලි කපමින් සිටි සැකකරු අත්අඩංගුවට

සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ අධිආරක්ෂිත මානව හිතවාදී සන්වයකු ලෙස නම් කර ඇති ඩොල්ෆින් මත්ස්‍යයන් හතර දෙනකු කරවල කිරීමට කපමින් සිටි අයකු ඊයේ (19දා) අලුයම මීගමුව
පොලීසියේ

දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත එම ඩොල්පින් මත්ස්‍යයන් හතරදෙනා  සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.  මීගමුව ඇළ පාරේ නිවෙසකදී මෙම මත්ස්‍යයන් කපමින් සිට ඇත.

කරවල කරනු ලබන ඩොල්ෆින් මාළු අධික  මිලකට විකුණන බව සැකකරු පවසයි. සැකකරු පොලිසියට පවසා ඇත්තේ ධීවර වෘත්තිකයකු ඩොල්ෆින් මත්ස්‍යයන් හතරදෙනා කෑලි කපා කොටස් තිරීමට තමන්ට ගෙනැවිත් දුන් බවයි. මෙම මත්ස්‍යයන් හොර රහසේ අධික මිල ගණන්වලට අලෙවි වන බැවින් වටිනාකම සඳහන් කළ නොහැකි බව ධීවරයෝ කියති.
-නිමන්ති ප්‍රනාන්දු-

No comments:

Post a Comment

Post Bottom Ad