ප්‍රා ලේ කාර්යාල නිලධාරියකු ඝාතනය කළ ගැබිනි ග්‍රාම නිලධාරිනිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 18, 2018

ප්‍රා ලේ කාර්යාල නිලධාරියකු ඝාතනය කළ ගැබිනි ග්‍රාම නිලධාරිනිය

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ප්‍රජා විශෝධන නිලධාරීවරයකු අඟුරුවාතොට යාල හන්දිය නිවාඩු නික්තනයක් තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දොඩම්ගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරීනිය පෙර්දා (16දා) අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු ග්‍රාම නිලධාරිනිය දෙදරු මවක් වන අතර අටමස් ගැබිනියකි.  ග්‍රාම නිලධාරීනිය සමග අනියම් සබඳතාවක් පැවැත්වූ ප්‍රජා වීශෝධන නිලධාරිවරයාද විවාහක පුද්ගලයෙකු බව පවසන පොලීසිය ඔහු තිදරු පියෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


පෙරේදා (16) අලුයම සැකාකාර ග්‍රාම නිලධාරිනිය තවත් පුද්ගලයන් දෙදෙනකු සමග ප්‍රජා විශෝධන නිලධාරියා නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය කාමරයට පැමිණ මෙම ඝාතනය සිදුකළ බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය.  බරපතළ තුවාල ලද ප්‍රජා විශෝධන නිලධාරීයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශයක් ලබාදී තිබේ.

අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය මීට මාසයකට පමණ ඉහතදී ප්‍රජා විශෝධන නිලධාරීවරයාව මහමගදී ඝාතනය කිරීමට කළ සැලසුමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් එදින ප්‍රජා විශෝධන නිලධාරිවරයාට ඇතිවූ සැකයක් මත එය ව්‍යර්ථ වී තිබෙන බවද හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ ප්‍රජා විශෝධන නිලධාරීවරයා සැකකාර ග්‍රාම නිලධාරිනිය සමග අනියම් සබදතාවක් පවත්වන අතර වාරයේ තවත් කාන්තාවක් සමග ඇසුරක් පවත්වා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
අනෙක් සැකකරුවන් සෙවීම සඳහා පොලීසිය පරීක්ෂණ කටයුතු සිදුකරයි.

සැකකාරිය ඊයේ (17දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad