අල්ලන්න හොයන පාතාල මැරයන් 5 ක්ම එක් ඇමති කෙනෙක් ළඟලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

අල්ලන්න හොයන පාතාල මැරයන් 5 ක්ම එක් ඇමති කෙනෙක් ළඟලු

පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන් යැයි කියන පස්දනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ රැදී සිටින බවට නොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (16) පැවසීය.

මෙම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින විශේෂ පොලිස් කණ්ඩායම සතුව ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මේ පස්දෙනා අතර
පොලිසියේ රාජකාරි කරද්දී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා

වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයකුද සිටින බව පැවසේ.

ඇමතිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකුයැයි කියන පුද්ගලයකු මෑතකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලිසිය කියයි. මේ අතර පාතාලයන් පස්දෙනකුගේ රැකවරණය ලබන බව  කියන මෙම ඇමතිවරයා සිය බල ප්‍රදේශයේදී  පොලිසිය මගින් හෙරොයින් හා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් මුදාගැනීමට දැඩි ලෙස බලපෑම් කරන  බවද පොලිස් ආරංචි මාරිගවලින් පැවසේ.

හෙරොයින් ග්‍රෑම් පහක් සහ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස මෙම ඇමතිවරයා මැතකදී පොලිසියට දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇතැයිද කියයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය     

No comments:

Post a Comment

Post Bottom Ad