අවුරුදු 1 1/2ක දරුවා කැටුව ඇවිත් ගෙවල් බිඳින කාන්තාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 23, 2018

අවුරුදු 1 1/2ක දරුවා කැටුව ඇවිත් ගෙවල් බිඳින කාන්තාව


වයස එකහමාරක් පමණ තම දරුවා සමඟ නිවැසියන් නොමැති නිවෙස්වලට ඇතුළු වී එම නිවෙස්වල භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවක් නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය පල්ලේවල
ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක්දරු කාන්තාවක් බව පොලිසිය පවසයි. නිවෙස්හි කිසිවකු නොමැති අවස්ථාවලදී එම නිවෙස්වල දොරගුළු කඩා හෝ ජනෙල් ගල්වලින් ගසා බිඳ දමා ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඒවා පිටතට රැගෙනවිත් කුලියට ගත් ත්‍රිරෝද රථවලින් ප්‍රවාහනය කර එම භාණ්ඩ උකස් කර මුදල් ලබා ගෙන ඇති බව

පොලිසිය පවසයි.

භාණ්ඩ රැගෙන යන අතරමඟදී ත්‍රිරෝද රථද වෙනස් කර ඇති බව පොලිස් පරික්ෂණවලීන් හෙළිවී ඇත. මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට ලද පැමිණිලිවලට අනුව එක් නිවෙසක තිබූ, ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වූ දර්ශන උපයෝගි කරගෙන භාණ්ඩ රැගෙන ගිය ත්‍රිරෝද රථවල අංක ඔස්සේ පරික්ෂණ පවත්වා මෙම කාන්තාව කොටුකර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.  ඇය සොරාගත් භාණ්ඩ අතර රත්තරන් බඩු, රූපවාහිනි යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අත්ඔරලෝසු, ජංගම දුරකතන හා ඇඳුම් වර්ග වේ.

මෙම භාණ්ඩ නිට්ටඹුව,කඩවත,. කිරිබත්ගොඩ යන පොලිස් වසම්වලින් සොරාගත් භාණ්ඩ බව අනාවරණය වී ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  මුදිත පුස්සැල්ල යන මහත්වරුගේ උපදෙස් මත අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂත නලින්ද දිල්රුක් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

-මනොජ් පතිරණ-ඉන්දිත තුෂාර-දොන් විතානආරච්චි-

No comments:

Post a Comment

Post Bottom Ad