තැපැල් වර්ජනය දිගටම ලියුම් ලක්ෂ ගණන් ගොඩගැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 14, 2018

තැපැල් වර්ජනය දිගටම ලියුම් ලක්ෂ ගණන් ගොඩගැසේ



ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයට ඊයේ (13දා) දිනයේ සිට තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය එක්ව තිබේ.මේ අනුව ඊයේ දිනයේ සිට තැපැල් ස්ථානාධිපතිවරුද සේවයෙන් ඉවත්ව සිටින බවත්, මේ හේතුවෙන් තැපැල් කාර්යාලවලින් 99%කට වැඩි ප්‍රමාණයක් හා මධ්‍යම
තැපැල් හුවමාරුවේ

වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබු බවද එම සංගමයේ ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.

තැපැල් සේවාවට ගැළපෙන සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම හා ස්ථිර නොකළ සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථිර සේවයට ඇතුළත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් තම සංගමයද වැඩවර්ජනයට එවූ බව ඔහු පවසා සිටියේය.

මෙම ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පසුගිය 11 වැනිදා සවස 4.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර, ඒ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු තැපැල් කාර්යාලවල කටයුතු ඇනහිට ඇත. යම් තැපැල් කාර්යාලයක් විවෘතව පැවැතියද, ලිපි හුවමාරු වීම සිදු නොවන බැවින් එම කාර්යාලවලද වැඩකටයුතු අඩපණ වී තිබේ.

විශේෂ තැපැල් සහ භාණ්ඩ හුවමාරු වීම සිදු නොවන අතර, තැපැල් කාර්යාල වසා තැබීම හේතුවෙන් දඩ මුදල් ගෙවීමටද රියදුරන්ට නොහැකිව ඇත.

ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන බැවින් අද (14) දිනය තුළද වැඩවර්ජනය දියත් කරන බව වෘත්තීය සමීති සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad