පිහි ඇනුමක් සිදු කිරීම නිසා රූපවාහිනී මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 12, 2018

පිහි ඇනුමක් සිදු කිරීම නිසා රූපවාහිනී මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට

ජාතික රූපවාහිනියේ ප්‍රකට මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදු කළේය යන චෝදනාව යටතේ කඩවත පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා.
වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ දී කායවර්ධන මධ්‍යස්ථානයක
හිමිකරුවෙකුවූ

වසන්ත කුමාර ලියනගේ නමැත්තෙකු සමග මීට දින කිහිපයකට පෙර ඇති කරගත් ආරවුලකදී මහේෂ් ඔහුට පිහියෙන් ඇන ඇති අතර තුවාල ලැබූ වසන්ත තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ. ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව ද වාර්තා වෙයි.
පෞද්ගලික ආරවුලක් මත මහේෂ් නිශ්ශංක සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ගැටුම හටගෙන ඇත්තේ රාත්‍රි කාලයකදීය.

කෙසේ වෙතත් මෙම පිහි ඇනුම් සිද්ධිය සිදුවී දින කිහිපයක් යනතුරු පොලිසිය ඒ වෙනුවෙන් පියවර නොගත් බවට සමාජ මාධ්‍ය තුළ කථාබහක්ද ඇතිව තිබූ අතර අනතුරුව අද මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය..
මහේෂ් නිශ්ශංක සුරම්‍ය රාත්‍රී නමැති රූපවාහිනී වැඩසටහන නිසාද බොහෝ ප්‍රකටවී සිටි අයෙකි.අත්අඩංගුවට පත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad