තරුණිය මරා රෝහලට මිනිය භාරදී පැනගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 14, 2018

තරුණිය මරා රෝහලට මිනිය භාරදී පැනගිහින්


සැකකටයුතු අයුරින් මරණයට පත්ව ඇති 24 හැවිරිදි තරුණියකගේ සිරුරක් වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (12දා) රාත්‍රියේ බළපිටිය මූලික රෝහලට බාරදී ඇතැයි බළපිටිය මූලික රෝහල් පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඌරගස්මංහන්දිය, යටගල පදිංචිව සිටි සුරංගි සඳමාලී නමැති අවිවාහක
තරුණියකි. ඇය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඇඟලුම් කමිහලක සේවය කර ඇතැයි පොලීසිය පැවසීය.

 ඇඟලුම් කම්හලේ සේවයට ගිය සිය දියණිය කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි පවසමින් ඇයගේ පවුලේ ඥාතීන් ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබේ.

වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ තරුණිය බළපිටිය මුලික රෝහලට ඇතුළත් කරමින් පවසා ඇත්තේ, ඇය රිය අනතුරකට ලක්ව මාර්ගයේ වැටී සිටියදී හමුවූ බවයි.  බළපිටිය මූලික රෝහල් ආරක්ෂක අංශය එම පිරිස පිළිබඳ ඇති වූ සැකයක් මත ඔවුන් පැමිණි

බව පැවසෙන වෑන් රථයේ අංකය ලියාගෙන තිබේ.
අදාළ වෑන් රථයේ අංකය ඔස්සේ ඌරගස්මංහන්දිය පොලීසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා එම වෑන් රථය සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව වන ලලිතා විජේසේකර මහත්මිය,

"මගේ දුව හැමදාම සවස 7.15ට. විතර ගෙදරට එනවා. එත් ඇය අද (12දා) ගෙදර ආවේ නැහැ. මම කෝල් ගමි අම්මේ කියනවා. ආයත් ටිකකින් දුරකථන ඇමතුම විසන්ධි කරනවා. රැ 11.00ට විතර ගැහැනු කෙනෙක් මගේ ජංගම දුරකථනයට කතා කරලා දුවට අපි කරන්න ඕන දේ කළා කියලා දුරකථනය තිබ්බා. ඊට පස්සේ මම දුවට ඇමතුම් ගත්තත් ඇමතුමට සම්බන්ධ වනවාත් එක්කම දුරකථනය විසන්ධි කරනවා. එළිවෙන කොට පණිවුඩයක් ආවා දුවගේ මළසිරුර බළපිටිය මුලික රෝහලේ තියෙනවා කියලා.  දුව කෙනෙක් ඒක්ක යාළුවෙලා හිටියා. එයා බැඳපු කෙනෙක් කියලා දැනගත්තාම දුව එයාට කැමැති වුනෙත් නැහැ. ඒත් එයා දුව අතහරින්න කැමති වුණේ නැහැ. ඇය පස්සෙම ඔහු ආවා. දුව එදත් වැඩ ඇරී ගෙදර එන්න ඇවිත් තියෙනවා. ඒ එන අතරමගදී තමයි වෑන් රථයකින් ආපු කට්ටියක් දුව බලෙන් එම වෑන් රථයට දාගෙන ගිහිල්ලා තියෙන්නේ" යැයි පවසා සිටියාය.

 සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad