විසිවැනි සංශෝධනයේ වාසිය මහින්දට - යන්න වෙන්නෙ රනිල්ට - අනුර කුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 16, 2018

විසිවැනි සංශෝධනයේ වාසිය මහින්දට - යන්න වෙන්නෙ රනිල්ට - අනුර කුමාර


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.

විධායක ජනාධිපති ක්‍රමය නීසා කැබිනට් මණ්ඩලය වැදගැම්මකට නොමැති ආයතනයක් බවට පත් වී තිබෙන අතර, විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීම දේශප්‍රේමී වී තිබෙන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
කිර්ම දේශද්‍රෝහී වී තිබෙන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා 20 වැඩි ව්‍යවස්ථා සංශශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවත්, එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කෝන්ත්‍රාත්තුවක් තම පක්ෂය

විසින් සිදුකරන බවට විවිධ පුද්ගලයන්ගේ ඔඩොක්කුවේ සිටින කුක්කන් සදහන් කරමින් සිටින බවත් පවසා සිටියේය.

  ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් නැටවිය හැකි පක්ෂයක් නොවන බවත්, 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වූ පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ නිල කාලය මාස 07කට පෙර අවසන් වන බවත් හෙ‍තෙම පවසා සිටියේය. පවතින ක්‍රමයට අනුව ආණ්ඩුවේ නිල කාලය 2020 සැප්තැම්බර් 02 වැනිදා අවසන් වන බවත්, එහෙත් 20 වැනි ව්‍යාස්ථා සංශෝධනයට අනුව 2020 පෙබරවාරී 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. පවතින ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට හෝ අගමැති වීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය. එයට හේතු වී තිබෙන්නේ අගමැතිවරයාට  යම් අවස්ථාවක වැඩබලන ජනාධිපති වීමට සිදු වුවහොත් පැන නගින නීති තර්කයක් නිසා බවද ඒ මහතාට පවසා සිටියේය.

එහෙත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වී ආණ්ඩුවේ නායකයා වීමට අවස්ථාව තිබෙන බවද පක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්ත්‍රවාදය වෙනුවෙන් සවිමත් කළ යුතු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පෙන්වා (13දා) සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති වැඩසටහනට සහභාගි වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad