කට්ටි පනින මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා අකිල අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 5, 2018

කට්ටි පනින මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා අකිල අත්අඩංගුවට


පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය පවසයි.

 එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මදුෂ්ගේ හෙරොයින් ජාවාරම සහ මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ අකිල නිරෝෂන් පල්ලියගුරු, දෙවුන්දර චමිල්ගේ බිරිඳ වන ඉෂංකා සාවිත්‍රි සහ තවත් ජාවාරමට සම්බන්ධ අයෙකු
වන මනෝජ් කාවින්ද.

මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී විමලධර්ම සහෝදරයෝ ගොඩනැගිල්ල අසල දී අත්අඩංගුවට ගත් බවයි. පොලිස් විශේෂකාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සිටි දෙවුන්දර චමිල්ගේ බිරිඳගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 500ක් පොලිස් භාරය යට ගෙන ඇත.පසුව සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව මධූෂ්ගේ හෙරොයින් ජාවාරම සහ මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ අකිල නිරෝෂන් පල්ලියගුරුගේ ගල්කිස්සේ පිහිටි තාවකාලික නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බව ද සඳහන් වෙයි. අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට භාරදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad