පාරිභෝගික වන්දි ගෙවා ETI ෆිනෑන්ස් විකුණාදමන්න මහබැංකු නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 20, 2018

පාරිභෝගික වන්දි ගෙවා ETI ෆිනෑන්ස් විකුණාදමන්න මහබැංකු නියෝග


ඊඒපී සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ETI ෆිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම ඇතිවූ ව්‍යාකූල තත්වයන්ට විසඳුමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක මුදලකට (ආසන්න
වශයෙන් රුපියල් මිලියන 11833 කට)

එය බාහිර පාර්ශ්වයකට විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබේ.
ආයතනය මුහුණ දී ඇති මූල්‍ය දුර්වලතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ආයතනයේ පරිපාලන හා උප පරිපාලන සමාගම්වල අයිතියට සහ ආයෝජන දේපල විකිණිමට අවසර ලබා දුන් බව මහ බැංකුව සඳහන් කරයි.
එම මුදලින් තැන්පතුකරුවන්ට සියයට 10 ක මුදලක් ලෙස රුපියල් මිලියන 4750 ක් ජුනි මස 05 වැනිදා සිට ගෙවීමටද මහබැංකුව උපදෙස් දී තිබේ.
අදාල ගෙවීම් පිළිබඳ සැලැස්මක් තැන්පතුකරුවන්ට ඉදිරිපත් කිරීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad