වියපත් යුවළක් ගැටගසා රන්බඩු දේපල කොල්ලකාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 24, 2018

වියපත් යුවළක් ගැටගසා රන්බඩු දේපල කොල්ලකාලා


මාගම්මන දොලේකඩේ මාර්ගයේ නිවසක අසූනව හැවිරිදි වියපත් කාන්තාවක් සහ පුද්ගලයකු කඹයකින් ගැට ගසා ඉකුත් වෙසක් පෝදා නිවසේ තිබූ රන් භාණ්ඩ හා දේපළ සොරගෙන ත්‍රිරෝද රථයකින් පලා ගිය පස්දෙනකු සොරාගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ සොරාගෙන
තිබූ භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවද පොලිසිය කියයි. වෙසක් පෝය දා මාගම්මන දොලේකඩේ මාර්ගයේ නිවසකට ත්‍රිරෝද රථයකින් පැමිණි පස්දෙනකුගෙන් යුත් කල්ලියක් නිවස තුළට කඩා පැන එහි සිටි අසූ නව හැවිරිදි වියපත් කාන්තාවක් සහ පනස්

දෙහැවිරිදි පුද්ගලයෙකු කඹයකින් ගැට ගසා නිවසේ තිබූ රන් භාණ්ඩ හා දේපළ සොරාගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
එහිදි නිවසේ අල්මාරියක තිබු රන් මාලයක් රන් මුදු 2ක් ලැප්ටොප් යන්ත්‍රයක් ජංගම දුරකථන 3ක් රුපියල් 50,000ක් සහ නිවස අසල නවතා තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරුපැදියක්ද සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි. පසුව පලාගිය ත්‍රිරෝද රථයේ අංකයද සමහ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී අදාළ ත්‍රිරෝද රථයේ යමින් සිටි සිද්ධියට සම්බන්ධ පුද්ගලයකුද දියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ කරන ලද ප්‍රශ්න කිරීම් වලදී සිද්ධියේ සුල මුල අනාවරණය කර ගත් බව පොලිසිය පවසයි. මීට සම්බන්ධ ඉතිරි සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගත් අතර සොරාගත් භාණ්ඩද
පොලිසිය මගින් සොයාගත් බව පැවසේ. එහිදී සොරාගත් යතුරුපැදිය කැබලි කර අලෙවි කිරීමට සුදානම් කර තිබු බවත් රන් භාණ්ඩ උකස් කර තිබු බවත් පොලිසිය පවසයි. කිරිවත්තුවේ පදිංචි 40 හැවිරිදි ප්‍රධාන සැකකරු සොරාගත් භාණ්ඩ අලෙවියෙන් ඉපයු මුදලින් කසිප්පු ඡාවාරමක් ආරම්ඟ කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු කසිප්පු ලීටර් 45 ද සමඟ පොලිසිය භාරයට ගත් බව කියයි.
ඊට සම්බන්ධ කිරිවත්තුඩුව බ්‍රාහ්මණයාගම සහ දෙහිවල යනාදී ප්‍රදේශවල පදිංචි 20 සහ 30 වයස් වල පසුවන්ගෙන් භාණ්ඩ ද සමග කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad