බැලුම්ගල බලන්න ගිය මර්වින් මුල් ගල් ගලවයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 14, 2018

බැලුම්ගල බලන්න ගිය මර්වින් මුල් ගල් ගලවයි.


 නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යැයි පවසමින් පසුගියදා එළිපෙහෙළි කර තිබූ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් "බැලුම්ගල” නමැති පුරාවිද්‍යාත්මක ප්‍රදේශය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් පෙරේදා (12දා) නිරීක්‍ෂණය කළහ.

නිවාස සංවර්ධන අධිකාරිය මගින් එම ප්‍රදේශයේ නිවාස තැනීම සඳහා තැබු මුල්ගල ගලවා ඉවත් කිරීමට එහිදී ඒ මහතා ඇතුළු පිරීස කටයුතු කළහ.


මේ පිළිබඳ මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරික්ෂණය කළහ. එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ 'බැලුම්ගල' නම් වූ ගල් ලෙනට පැමිණි පිරිසගේ ආධාර ඇතිව  ගොඩ වු හිටපු අමාත්‍යවරයා, මෙම ස්ථානය ‍ඓතිහාසික වශයින් වැදගත් බවත්, අවට ප්‍රදේශයට එම ස්ථානයේ සිට නිරීක්ෂණය කළ හැකි අතර, මේ පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවද පැවසීය.

පසුව විජිතපුර බළකොටුව ආසන්නයේ පිහිටි මෙම ' බැලුම්ගල" ප්‍රදේශයේ පිහිටා තිබූ ''පහන්ගල” නම් වූ ස්ථානයට පැමිණි මර්වින් සිල්වා මහතා දුටුගැමුණු රජු වෙනුවෙන් පහන්  දල්වා පූජාවක්ද කළේය. පසුව එම ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස්  දැක්වූ ඒ මහතා, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කොට විනාශ කළ පුද්ගලයන් වහාම වැඩ තහනමට ලක්කිරීම නොව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, විෂය භාර අමාත්‍යවරයාට එහි වගකීමෙන් මිදීමට නොහැකි බවත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් යෝජනා කරනු ලබන්නේ වහාම මෙම  වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බවත්, එසේ නොවන්නේ නමි අග්‍රාමාත්‍යවරයාද මෙහි චූදිතයකු වන බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට තමන් පිළිබඳ ලිඛිතව දැනුම් දුන් බවත්, අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඔහුට කාන්තා ඇඳුම් අන්දචන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "බැලුම්ගල'' ගමිමානය පිහිටි විජිතපුර බළකොටුවට සමානකම් කියන බැලුම්ගල ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සමිබන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ
ස්වේච්ඡා සංවිධාන සහ බෞද්ධ සංවිධාන පැමිණි නිරීක්ෂණය කිරීම විශේෂත්වයකි.



No comments:

Post a Comment

Post Bottom Ad