බිලියන ගණනින් පොලියට දෙන හරින්ගේ කලු සල්ලි ජාවාරම… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 24, 2018

බිලියන ගණනින් පොලියට දෙන හරින්ගේ කලු සල්ලි ජාවාරම…


ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක මෙන්ම අසාර්ථක “ගුගල් බැලුන්” ව්‍යාපෘතියට හිමිකම් කී අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සුදු හුණු ගෑ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය නාලක ජුඩ් හරින් ප්‍රනාන්දු හෙවත් හරින් ප්‍රනාන්දුගේ පියා වන නිහාල් ප්‍රනාන්දු සහ හරින්ගේ ආරක්ෂකයන් යොදා ගනිමින් ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් දින කිහිපයක් රදවා ගෙන පහරදිමේ සිද්ධියක් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.
කඩුවෙල මොටර් රථ (Kaduwela Enterprises )අලෙවි හිමිකරු වන චමින්ද කටුගම්පොල නැමත්තා සිය ව්‍යාපාරික කටයුත්තක් සදහා හරින් ප්‍රනාන්දුගේ පියා වන නිහාල් ප්‍රනාන්දුගෙන් ණය මුදලක් ලෙස රුපියල් බිලියන 1(1 bilion ) එකක මුදලක් ලබාගෙන ඇති අතර පසුව අවස්ථා කිහිපයකදිම එම මුදලේ පොලිය වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිමටද කමින්ද කටයුතු කර තිබේ.
මේ ආකාරයට අවස්ථා කිහිපයකදි මිලියන 170ක මුදලක් පොලිසිය වශයෙන් චමින්ද ගෙවිමට කටයුතු කර තිබුනද හරින්ගේ පියාගේ මැර කණ්ඩායම් පැමිණ අවස්ථා ගණනාවකදි චමින්දට බලපෑම් කරමින් ණය මුදල ගේවන ලෙසත් පොලිය සමග එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.2ක් වන බවත් එම මුදල වහාම එකවර ගෙවිය යුතු බවයි.
දිගින් දිගටම විවිධ පොලි එකතු කරමින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනිම සදහා චමින්ද කටුගම්පොල හරින්ගේ මැර කණ්ඩායමක් යොදවා පැහැර ගෙන ඇති අතර පසුව දින කිහිපයක් රදවාගෙන තර්ජනය කර තිබේ.
පසුව හරින් ප්‍රනාන්දුගේ ඇමති බලය භාවිතා කරමින් රාජ්‍ය බැංකුවකින් කිසිදු නෛතීක ක්‍රමවේදයක් නොමැතිව චමින්ද කටුගම්පොල නැමත්තාගේ නමට ලියකියවිලි සකස් කර බහත්කාරයෙන් අත්සන් ගෙන රුපියල් බිලියනයක මුදලක් ණය මුදලක් ලෙස බැංකුවෙන් ලබාගෙන තිබේ. ලබාගෙන ඇති අතර ඊට අදාළ නිවැරදි ලිපි ලේඛන ලබා නොදිම හේතුවෙන් මේ වනවිට අදාල මුදල් අයකර ගැනිමට රාජ්‍ය බැංකුවට නොහැකි වි තිබේ.
පසුව චමින්ද කටුගම්පොලට අයත් Kaduwela Enterprises හී තිබු සියලුම වාහන සහ අදාල භුමියේ ඔප්පුවද හරින්ගේ පියා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට කටයුතු කර ඇති අතර පැහැර ගැනිම සහ බලහත්කාරයෙන් සිය දේපළ අත්පත් කර ගැනිම පිළිබඳව පොලිසියේ සහ රහස් පොලිසියට පැමිණිලි කර තිබුනද හරින්ලාගේ දේශපාලන බලපෑම මත එම පරික්ෂණ සියල්ලම යටගොස් තිබේන බවයි අප කල සොයා බැලිමේදි අනාවරණය වි තිබේ.
මේ වනවිට සිය ජිවිත ආරක්ෂාව පත චමින්ද කටුගම්පොල රටින් පිටව ගොස් සිටින අතර හරින්ලා කිසිදු ගැටලුවකින් තොරව සිය ව්‍යාපාර කටයුතු දියත් කරමින් සිටි.
හරින්ගෙ පියා වන නිහාල් ප්‍රනාන්දුද මෝටර් රථ ලංකාවට ගෙන්වන මුවාවෙන් කලු සල්ලි සුදු කිරිම හෙවත් මනී ලොන්ඩරින් කිරිමේ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර වත්තල ප්‍රදේශයේ Harin Trade Enterprises නමින් වාහන ලංකාවට ගෙන්වා විකිණීමේ ව්‍යාපාරය ඇතුලු ව්‍යාපාර රැසක යෙදි සිටින අතර යහපාලනය උදාවිමත් සමග හරින්ලා යටිමඩි ගැසු ජනතා මුදල් ලොන්ඩරින් කරන්නේද මෙම වාහන ගෙන්වන ව්‍යාපාරය හරහාය.
පොලියට මුල්‍ය ආයතන පවත්වගෙන යන පුද්ගලයන්ට මෙන්ම විවිධ් ව්‍යාපාර ආරම්භ කිරිම සදහා බිලියන ගණනින් මුදල් ලබාදිමට ලාට හැකියාව ලැබි ඇත්තේ නිකම්ම යහපලනය උදාවිමෙන් පසුව රටේ තාක්ෂණය ණු කරන මුවාවෙන් හරින්ලා කෝටි ගණනින් මුදල් ලගත් බව නොරහසකි.
මෙරට මුදල් වැය නොවූ බව පැවසූ ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා රුපියල් 9,872,538.20 මහජන මුදලක් වැය කර තිබුනද ගූගල් බැලුන් පොලවට කඩා වැටුනා විනා ජනතාවට උන කෙහෙල් මලක් නැත.
අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව පවසමින් අත්හදාබැලූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතියේ අක්‍රමිකතා රැසක් ඇති බව අනාවරණය වු අතර නිස්කාරණයේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කාබාසිනියා කල මුදල ප්‍රකෝටි ගණනකි.
අදාළ පැහැර ගැනිම සහ වංචණික ගණුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි අප සතුව ඇති අතර ඉදිරියේදි රහස් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග අනුව එය අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.
කවුද මේ හරින්ගේ පියා……
හරින් කියන ආකාරයට හරින්ගේ පියා 1960 දශකයේ චිත්‍රපට නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ බොනිෆස් ගේ පුතෙක් වන අතර හරින් තමන්ගේ සියා ගැන යේ සදහන් කර තිබුනද කිසිදු තැනක තමන්ගේ මව හෝ පියාගේ නම සදහන් නොකර සිටිමට මෙන්ම ඔහුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරිමට පරිස්සම් වි තිබේ.
“I was born on October 28, 1979. My home town is Wattala. I have one sister and my mother and father. I come from a legacy left behind by my grandfather Boniface Fernando. He was a very famous businessman in Wattala. In fact he was a business tycoon. He was also a film producer and he had a massive house in Wattala. He was very famous during his era in the 1960’s,” – Harin Fernando
~~Daily News-Wednesday, September 30, 2015~~
හරින්ගේ පියා මේ තරම් සැගව සිටිමට කාරණාවක් තිබේ.ඊට හේතුව ඔහු යෙදෙන මෙන්ම යෙදුන ව්‍යාපාර හේතුවෙනි. හරින් කියන ආකාරයට හරින්ගේ පරම්පරාව JR ජයවර්ධන සමයේ සිට සමීප දේශපාලන සබඳතාවයන් පවත්වා තිබේ.  හරින් කියන එම (massive house ) විශාල නිවස විවෘත කර ඇත්තේද JR විසිනි. එම ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව 
පසුගිය දින කිහිපය තුල ලංකාවට නැවතත් කසන සල්ලි ඇති ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කුප්‍රකට කලු සල්ලි සුදු කිරිමේ හෙවත් මනී ලොන්ඩරින් කිරිම සදහා වාහන ගෙන්විමේ ව්‍යාපාරය යොදවා ගන්නා බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ.
පසුගියදා රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ වු කලු සල්ලි සුදු කිරිමේ ජාවාරමේ ප්‍රබලයන් වු ජීහාන් හමීඩ්, රිෂාඩ් හමීඩ්ලා, විජේදාසගේ පුත්, මෛත්‍රීගේ බැණනුවන් වන තිලිණ මෙන්ම හරින්ලාද ගුගල් බැලුන් හරහා කොල්ල කෑ ජනතා මුදල් වාහන ගෙන්වන මුවාවේන් මනී ලොන්ඩරින් කරන බව නොරහසකි. 

මීට අමතරව හරින්ට පිටුපස සිටිමින් ඔහුට හයියක් වන ඔහුගේ හොර අඹුවද මෙයට සම්බන්ධය . ඇය අන් කවරෙකුත් අනාගතයේ ජනාධිපති, අගමැති, පක්ෂ නායක සිහින දකින නිදන් හොරෙකුගේ බිරිදය. මෙය ප්‍රසිද්ධ රහසකි.
ගැටලුව ඇත්තේ මේ රටේ මේ අකාරයේ කුප්‍රකට කලු සල්ලි ජාවාරම් කරුවන් පිළිබදව අනාවරණය කල සැනින් ඔහුන් රජ ගෙදරට බඩගාමින් තමන්ගේ වරද වසා ගැනිමට කටයුතු කිරිමයි.රෙද්ද ඉස්සු සැනින් ඔනේම දෙයක් කර ගත හැකි පාලකයන්ගේ ඇම්බැට්ටයන් සිටින රටක එය එතරම් අමාරු කාර්යය නොවේ.
කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව අනාවරණය බලාපොරොත්තු වන්න
හිලේ බලෙන් වසාගන්න බැරි වු ජීහාන් හමීඩ්ලාගේ ලැම්බොගිනි ජාවාරම……
28,546 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad