පාසල් වෑන් රථ ගාස්තුත් සියයට දහයකින් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 25, 2018

පාසල් වෑන් රථ ගාස්තුත් සියයට දහයකින් ඉහළට


පාසල් වෑන් රථ ගාස්තු ජුනි මස පළමු වැනිදා සිට සියයට දහයකින් (10%) ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා කීවේය.

 සමස්ත

ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ගත් තීරණය අනුව ලබන මස සිට සියලු දිස්ත්‍රික්කයන්හි ගාස්තු සියයට දහයකින් ඉහළ දැමීමට සිය මවු සංගමය තීරණය කර ඇති බවද චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා කීවේය. පෞද්ගලික බස් සහ ලංකා ගමනාගමන මණ්ඩලය සියයට 12.5කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමුවද මේ රටේ පාසල් සිසුන් පිළිබඳ සිතා තම සංගමය එම ප්‍රමාණයෙන් ගාස්තු ඉහළ නොදැමූ බවද චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා කියයි. පොදු බස් රථ ගාස්තු පසුගිය 23දා සිට ඉහළ දැමුවද තමන්  පාසල් වෑන් ගාස්තු ඉහළ දමන්නේ ලබන මාසයේ සිට බවද එම සංගමය කියයි.

 අමතර කොටස්, සේවා ගාස්තු, ලිහිසි තෙල්,ටයර්, ටියුබ්, සේවක කුලී ඇතුළු අශ ගණනාවක මිල ඉහළ ගියද රටේ ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය සලකා පාසල් වෑන් රථ ගාස්තුව මෙසේ ඉතාම අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවූ බවද එම සංගමය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad