රිසිට් පතක් නොදෙන නිතිඥවරුන්ට වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 11, 2018

රිසිට් පතක් නොදෙන නිතිඥවරුන්ට වැඩ වරදී


යමිකිසි සේවාදායකයකු නිතිඥවරයකුගෙන් නීති සේවාවන් ලබාගැනීමේදී ලබාදෙන සේවා ගාස්තුවට අදාළ වන රිසිට් පත ඉල්ලා සිටියදී එය ලබානොදී සිටීම වරදක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කීය.
එලෙස කටයුතු කරන

නීතිඥවරුන් සිටී නම් ඒ ගැන තම සංගමයට දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම පියවර ගන්නා බවද ඔහු කීය. විශේෂයෙන්ම කොළඹ අධිකරණවල පැවැත්වෙන විශේෂ නඩුවට විභාගයන්හි දී සේවාදායකයන්ගේ ස්වා ගාස්තුවලට අදාළ රිසිට් පත් නිකුත් නොකර මුදල් ලබාගත නොහැකි බවද හෙතෙම වැඩිදුරවිත් පැවසීය.
මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලූවිට සියලු නඩුවලට රිසිට් පත් නිකුත් කිරීම ප්‍රායෝගික නොවූවඳ යමකිසි සේවාදායකයකු රිසිට් පතක් ඉල්ලූවිට එලෙස රිසිට් පත් නොදී සිටීම ගැන තම සංගමයට වාර්තා වුවහොත් එම නීතිඥවරුන්ට ඒ ගැන දැනුම් දී විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවද නීතිඥ සංගම් සභාපතිවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad