ලොරි රථ අනතුරින් මියගිය එක්දරු පියා රංගගේ දුක්බර කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 11, 2018

ලොරි රථ අනතුරින් මියගිය එක්දරු පියා රංගගේ දුක්බර කතාව

පුවත්පත් ප්‍රවාහන ආයතනයක රියැදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් 06 දා  මහනුවරදී ලොරි - ලොරි අනතුරකින් මියගිය  තිස් හතර වියැතිරංග ගැන දුක්බර කතාව පහත පරිදිය.
 'රංගට අපි ආදරයට කීවේ ටෙඩිබෙයාර් කියලයි. එයා හැම සතියෙම සෙනසුරාදා වෙන තෙක් බලා හිදින්නේ මමයි. පුතයි තුරුලු කරන ආදරයෙන් ඉන්නටයි. ඒත් අපට හැමදාමත් මිතුරු වුණු මේදවස අපට හතුරු වුණේ මොන වරදකින්ද?  ඉකුත් 05 දා අලුයම කැගල්ල බාලිකාව අසලදී
අනතුරට ලක්ව රෝහල්ගතව සිටියදී මිය ගිය තිස් හතර වියැති කේ.ටී.ඩී.රංග ගයාන්ගේ බිරිය වැලපෙන්නේ ඒ අයුරිනි.
පුවත්පත් ප්‍රවාහන ආයතනයක රියැදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් 06 දා අලුයම 2.00 පමණ රංග ධාවනය කළ පුවත්පත් ප්‍රවාහන ලොරි රථය මාර්ගයේ නවතා තිබූ වෙනත් ලොරි රථයක  හැපීමෙන් එම අනතුර සිදු විය.
ඉන් දින දෙකක් රෝහල්ගතව සිටි රංග ඉකුත් 07  දා මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී මිය ගියේ ය.
මහනුවර පිහිටි පුවත්පත් ප්‍රවාහන ආයතනයක සේවය කරන රංග ගයාන් ඉකුත් 04 දා මැදියම් රැය පසු වන විට මහනුවර දෙසට පිටත් වූයේ සති අන්ත පුවත්පත් ඉතා ඉක්මනින් අලෙවි නියෝජිතයන් වෙත ලබාදීමටයි.

පස්යාල නගරයෙන් සුපුරුදු පරිදි පුවත්පත් එහි නියෝජිතයන් වෙත භාර දුන් ඔහු තවත් නියෝජිත ආයතන කිහිපයකට සම ආයතනයකම පුවත්පත් දී කැගල්ල දෙසට පැමිණෙන විට එම අනතුරට ලක්විය.
රංගගේ බිරිය අශ්නිකා දර්ශනී(33) පවසන ආකාරයට කැගල්ල බාලිකා විදුහල ඉදිරිපිට නවතා තිබූ පොහොර අඩංගු ලොරි රථයක රංග ධාවනය කළ ලොරි රථය හැපී තිබේ.

"ඔය ලොරිය පැය විසි හතරකට වඩා ඔතැන අනාරක්ෂිත විදිහට තිබී තියනවා මං හිතන්නේ වාහනේ කාර්මික දෝෂයක් වෙන්න ඇති.රංග බලන්න රෝහලට ගිය වෙලාවේ එයා මගේ අතින් අල්ලලා කීවේ ''අනේ මට මොනවා වුණාද  දන්නේ නැ මම මොනවත් දැක්කේ නැහැ'' කියා ය.

ඔය වගේ විශාල වාහනයක් දවස් ගණන්

අනාරක්ෂිතව පාරේ තියන්න පුළුවන්ද මොනවා වුණත්  මගේ පුතාගේ තාත්තා මට නැති වුණා. අම්පිටිය මීකණුව 1/491 නිවසට යනවිටත් හැඩු කඳුළින් මෙම ශෝකය දරාගත නොහැකිව සිටි අශ්නිකා මෙසේද පැවසුවාය.
මැයි 12 දාට අපි විවාහ වෙලා අවුරුදු එකොළහයි. අපි දෙන්නා මේ අවුරුදු එකොළහට වචනයකින්වත් රණ්ඩු කරගෙන නැහැ.
හැමදාම එයා සවස 4.00 පමණ තමයි පත්තර බෙදාහැරීමට නිවසින් පිටත් වන සවස 5.00 විතර තමයි එයලගේ වාහනය නුවරින් පිටත්ව යන්නේ ඔය ආයතනයේ අවුරුදු හතක් පමණ රංග වැඩ කළා. රෑ වැඩ නිසා මා වැඩිය කැමැති වුණේ
නැ. ඒත් එයා වැඩකරන තැන හිත දිනාගෙන අවංකව  වැඩ කළ නිසා එයාට ඉන් ඉවත් වෙන්න බැරි වුණා. රංග බොහොම ආශාවෙන් එහි සේවය කළේ.
 පහුවදා උදෑසන 8.00 විතර වෙනකොට රංග ගෙදරට එනවා. නැවතත් සවස 4.00 විතර යනවා. අපි ඔක්කොම බලාඉන්නේ සෙනසුරාදා උදාවනකල්. අනේ අපේ පවුලට ඒ වගේ දවසක් ආයේ  උදාක්වෙන්නේ නැනේ. අනතුර අපි දැන ගත්තේ සෙනසුරාදා පාන්දර කැගල්ල පොලිසියෙන් මට කතාකරනවිට අපි ඒ මොහොතේත්ම කැගල්ලට ගියා. අනේ එතකොටත් එයා හොඳට කතා කළා. මහනුවර මහ රෝහලට මාරුකළා.''

 රංග එහි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 07 දා මිය ගියේය.
"අශේන් නෙත්ම'' රංග ගයාන්ගේ එකම පුතුය. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අශේන් පන්තියේ දක්ෂතම සිසුවෙකි. තම පුතු පාසලේ දක්වන දක්ෂතා
පිළිබඳව රංග පුදුමාකාර සතුටකින් පසුවී තිබුනා. තව මාස කිහිපයකින් පුතාට ශිෂ්‍යනායක පදක්කම් පලදවන අවස්ථාවට යන්නට ඔහු දින ගනිමින් සිටියේය.පියාගේ වියෝව දරාගත නොහැකි පුංචි අශේන් තම මවට වඩ වඩාත් සමීපව සිටියේ හෙට දවස මවට සිටින්නා වූ එකම රැකවරණය ලෙසිනි.
මේරී බියට්‍රිස් රංග ගයාන්ගේ මවයි. ඇයද තම පුතු නැති වූ ශෝකයෙන් හඩා වැටෙමින් රංගගේ අතීතය සිහිපත් කළාය. කවදාවත් මත්පැන්, දුම්වැටි පාවිච්චි කළේ නැ. ජාති ආගම් බේදයෙන් තොරව එයා හැමෝම ඇසුරු කළා.

මහනුවර ජයකොඩි පුවත්පත් ප්‍රවාහන ආයතනයේ හිමිකරු වන ජේ. එම්. කේ. ජයකොඩි මහතා රංග ගයාන් ඇසුරු කළේ සේවකයකුට වඩා අවංක මිතුරකු ලෙසය.
රංග අපේ ආයතනයේ වසර ගණනන් සේවය කරනවා. හැම පුවත්පත් ආයතනයකම පුවත්පත් පස්යාල සිට මාතලේ දක්වා බෙදාහැරීම සිදුකරන්නේ ඔහු විසිනි. එහිදී අලෙවි නියෝජිතයන් 60 කට පමණ ඔහු දිනපතා හා සති අන්ත පුවත්පත් බෙදාහරිනවා. ඔහු රියදුරකු වුණාට හැම පුවත්පත් ආයතනයකම
බෙදාහැරීම්, මුද්‍රණ අංශවල බොහෝදෙනකු හොඳින් ඇසුරු කළා. හොඳ මිනිසකු අපට අහිමිවුණා.
සැමවිටම ඔහු උත්සාහ කළේ ඉතා ඉක්මනින් පුවත්පත් නීයෝවරුන් වෙත පුවත්පත් ලබාදීමටය. ඇතැම්විට ඔහු ඔහුගේ වගකීමටද එහා යමින් මුද්‍රණ අංශ බෙදාහැරීම අංශ වෙත ගොස් ඔවුන්ටද උදව් වෙමින් කාගෙත් සිත් දිනාගනිමින් වැඩ කළා.
රංග ගයාන්ගේ අනතුරත් සමග එම ලොරි රථයෙහි තිබූ ඔහුගේ මුදල් පසුම්බිය. ජංගම දුරකථනය, රියදුරු බලපත්‍රය ලිපි ලේඛන ආදී සියල්ලද මේ වනවිට සොරාගෙන හෝ අතුරුදන්ව ඇත.
 එක් අතකින් මෙවන් ශෝකාන්තයක් තුළ මෙවැන්නක් අසන්නට ලැබෙන්නේ නම් පිළිකුල්ය. 1983 සැප්තැම්බර් මස 17 දින මෙලොව එළිය දුටු රංග 2018 මැයි මස 07 දින මිය යනවිට තිස් හතර වියේ පසු වූවත් එයටත් වඩා මුහුකුරා යමින් බොහෝ පිරිස් ඇසුරු කළ බොහෝදෙනාගේ මිතුරකු වී සිටියේය. රංග යනවිට ගෙන යන්නට යමක් තිබුණේ නැත.
ඔහුට ඉතිරිව තිබුණේ යහපත් මිනිසකු ලෙසින් ගතකළ ජීවිතයයි. මේ අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි සහයකයකු ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර (42) යන අය ප්‍රතිකාර සඳහා කැගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණී.කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන  ඔහු මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනු ලබන අතර ශල්‍යකර්මයකින් එක් පාදයක් ඉවත් කර ඇති ඔහුගේ තත්වයද බරපතළ බැව් රෝහල් ආරංචිමාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad