ජැකී චෑන් ගේ දියණිය පාරට වැටිලා -තාත්තාට දොස් නගයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 15, 2018

ජැකී චෑන් ගේ දියණිය පාරට වැටිලා -තාත්තාට දොස් නගයි


පුළුල් තිරය තුළ දැවැන්ත ප්‍රතිරූපයක් මවාගෙන සිටින ජනප්‍රිය නළු ජැකී චෑන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙලා. ඔහුගේ දියණයක වන 18 වැනි වියෙහි පසුවන එටා නැන්ග් දැන් ජීවත් වන්නේ ගෙයක් දොරක් නැති අසරණ යුවතියක විලසින්. පසුගිය සතියේ ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ස්ථිර නිවහනක් නොමැති
තමන්,දැන් ජීවත් වන්නේ හොංකොං දේශයේ පාලමක් යට බවයි.

"මාත්, මගේ මිතුරියත් හොංකොංවල පාරවල ඇවිදිමින් තමයි ජීවත් වෙන්නේ. රෑට ඉන්නෙ පාලමක් යට. දැන් මාසයක් තිස්සේ මෙහෙම ජීවත් වෙනවා. මට මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වීමේ වගකීම දරන්න ඕන

මගේ දෙමවුපියන්, මමත්, මගේ යාළුවත් පොලීසියට, ප්‍රජාසේවා මධ්‍යස්ථානවලට ගියා. තවමත් සහනයක් ලැබුණේ නැහැ. මේ වෙලාව මොනව කරන්නද කියල නිනව්වක් නැහැ. අපි ඉන්න තත්වය ලෝකෙ මිනිස්සු දැක ගන්න ඕන."

ජැකී චැන් විවාහ කර ගත්තේ තායිවානයේ සිනමා නිළියක වන ජොආ ත්ලින්වයි. ඒ, 1982 දී. ඔවුන් දෙදෙනා ගේ පුත්‍රයා ජේසී චෑන්. මේ අතර ජැකී සහ හිටපු රූ රැජනක වු එලේන් නැන්ගේ අතර හටගත් සබඳතාව නිසා 1999 එටා නැන්ග් මෙලොවට බිහිවුණා. එදා මේ දැරිය තනිවම හදාවඩා ගත්තේ එලේන්. මේ වන විට එලේන් ගේ රැකවරණයද ඇයට අහිමි වෙලා.

No comments:

Post a Comment

Post Bottom Ad