රනිල් එළවන්න ගිය හිරුණිකා : රත්මලානෙන් එළවයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 21, 2018

රනිල් එළවන්න ගිය හිරුණිකා : රත්මලානෙන් එළවයි !


රත්මලාන ආසනය යනු  ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වැනි උගත් බුද්ධිමතුන් සිටි  ආසනයක්‌ වූ නමුත් අද වන විට  මනුෂ්‍යත්වය හඳුනන්නේ නැති, කේලම් අහන, මුදලට යටවෙලා ඉන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි දුර්වල  සංවිධායකවරියක් යටතේ එජාප ජන්ද පදනම දුර්වල වෙමින් තිබෙන බව   දෙහිවල ගල්කිස්‌ස එජාප හිටපු නාගරික මන්ත්‍රී විපුල ගුණතිලක සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කරන අතර රත්මලාන ආසනය සංවිධායකවරයෙකු නොමැතිව  2015 ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌, මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික ප්‍රමාණයක්‌ අරගෙන ජයග්‍රහණය කළ නමුත්  හිරුණිකා සංවිධායකවරියක ලෙස පත්වීම ලැබූ  පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය ලැබූ ජන්ද ප්‍රමාණය  ඡන්ද 17000 ක් බවද ඔහු පැවසීය.
එසේම මේ වන විට රත්මලාන ආසනයේ  කොට්‌ඨාස සංවිධායකවරුන් 14 දෙනාගෙන් 12 දෙනෙක්‌ම අයින් කර ඇති බවත් හිරුණිකා මේ කරන්නේ පක්‍ෂය විනාශ කිරීමක්‌ බවද සඳහන් කල ඔහු  අද රත්මලානේ එජාපයේ උදවියට ඉදුව ඇත්තේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ දෙයක්‌” යැයිද පැවසීය.
රත්මලාන ආසනයේ එජාපයෙන් ඉවත් කරන ලද කොට්‌ඨාස සංවිධායකවරුන් 12 දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම  විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපුල ගුණතිලක මෙසේද පැවසීය.
මෙතැන ඉවත් කරල ඉන්න කොට්‌ඨාස සංවිධායකවරු බොහොමයක්‌ එදා ඉඳලා පක්‍ෂයට කැපවෙලා වැඩ කරපු මිනිස්‌සු, තමන්ගේ තරුණ කාලය පක්‍ෂය වෙනුවෙන් කැපකරල වැඩ කරපු මිනිස්‌සු. ඒ අය අයින් කරනව කියන්නේ පක්‍ෂය විනාශ කිරීමක්‌. ඒ නිසා අපි පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ මේ සංවිධායකවරිය රත්මලානෙන් ඉවත් කරන්න. ඉදිරියට තවත් මැතිවරණ කිහිපයක්‌ එනව ඒවට අපි මුහුණ දෙන්න ඕන. මනුෂ්‍යත්වය හඳුනන්නේ නැති, කේලම් අහන, මුදලට යටවෙලා ඉන්න අය එක්‌ක අපි වැඩ කරන්න සූදානම් නැහැ. පක්‍ෂය හැර යන්නේ නැහැ.
දෙහිවල, ගල්කිස්‌ස මහනගර සභාවට මෙවර ලැයිස්‌තුවෙන් 4 දෙනෙක්‌ පත් කළා. අඩුම තරමේ පක්‍ෂයේ සම්මුඛ පරීක්‍ෂණයටවත් සහභාගී නොවුණ අයයි පත් කරල තියෙන්නේ. පක්‍ෂයේ නිර්නායකයන් තිබියදී අකුරක්‌ ලියන්න බැරි, කොලයක්‌ බලාගෙන කියවන්න බැරි, දෙවැනි කැලෑසිය සමත් අය පත් කරල තියෙන්නේ. ඩීසල් හොරකම් කරල අහුවෙච්ච අය පත් කරල තියෙන්නේ. පැරණි එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ව කපාදාලා, මේ පත්කරපු අය පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී කොහේද හිටියේ. කාටද වැඩ කළේ මේව පක්‍ෂය දන්නේ නැහැ.
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගෙන් පස්‌සේ රත්මලානට එජාප සංවිධායකවරු කිහිපදෙනෙක්‌ ආවා. සැම්සන් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, උපුල්ශාන්ත සන්නස්‌ගල, මේ අය ආසනය දාලා ගියා. ඒ වගේම මොහාන්ලාල් ග්‍රේරු මහත්තය ඇවිත් අපිව අසරණ කරල, දෑත් ශක්‌තිමත් කරන්න ගියා. දැන් ඉන්න අයත් යාවි. ඒත් රත්මලානෙ එජාප අපි තවමත් ඉන්නව. ඒaක කවුරු කවුරුත් හොඳට මතක තියාගන්න ඕනෑ. වසන්ත කුමාර මහතා ද කතා කළේය.
11,546 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad