නාගොඩ මහ රෝහල් මෝචරිය මළ සිරුරු වලින් පිරිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 25, 2018

නාගොඩ මහ රෝහල් මෝචරිය මළ සිරුරු වලින් පිරිලා


කළුතර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අධි ශීතකරණ සියල්ලම මේ වන විට හඳුනා නොගත් මළ සිරුරුවලින් පිරී පවතින අතර තවත් කිසිදු මළ සිරුරක් ඒවාට ඇතුළු කළ නොහැකිවීමෙන් මහත්
ගැටලුකාරී

තත්වයක් උද්ගත වී ඇත. මෙම මෙම මෘත ශරීරාගාරයේ ඇති අධි ශීතකරණවලට මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ඇත්තේ ලාච්චු 18කි. ඉන් දෙකක් මේ වන විට අක්‍රිය තත්වයේ පවතින අතර ඉතිරි 16 මළ සිරුරුවලින් පිරී පවතී.

 ඉන් එක් මළ සිරුරක් වස්කඩුව ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුරකින් මිය ගිය අයෙකුගේ වන අතර එය මෙම මෘත ශරීරාගාරයේ තිබෙනුයේ වසර දෙකකට වැඩි කාලයක සිටය. තවත් එක් සිරුරක් වසර 1 1/2කට වඩා පැරණි වන අතර අනෙක් ඒවා මාස තුනකට වැඩි කාලයක් තිස්සේ මෙම අධිශීතකරණවල තැත්පත් කර තිබේ.

  මින් මළ සිරුරු 07ක් කළුතර මහ රෝහලේදී මිය ගිය අයගේ වන අතර ඒවා රැගෙන යාමට ඥාතීන් පැමිණී නැත. පසු දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට සිදු වුවහොත් ඥාතීන් සිටින අයගේ මළ සිරුරු පවා අධිශීතකරණවලින් පිටත තබා ගැනීමට සිදුවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad