මහින්දට යුද්ධය දිනා දීපු දේශපාලන හයිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 21, 2018

මහින්දට යුද්ධය දිනා දීපු දේශපාලන හයිය



"අපි බෞද්ධයෝ" මේක තමයි අපේ ලංකාවෙන් ඇහෙන  කතාව‍ය. බෞද්ධ  දර්ශනයක් කියන එක සහ බෞද්ධ දර්ශනය හරියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? මෙහෙම බෞද්ධ දර්ශනය හරියට ප්‍රායෝගිකව භාවිතා නොකරන හැමෝම ඕන දේකට අපි බෞද්ධ කියමින් කථා කරන එකනම් උපහාසය උපදවන සුළුය...

පසුගිය දා රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කල ප්‍රකාශයක් අල්ලාගෙන මේ දවස් වල හැමෝම දඟලන බව පෙනේ.

යුද්ධයක් අපට අවශ්‍ය නැත. විශේෂයෙන් ම ආයෙත් අවශ්‍ය නැත. අවුරුදු තිහක් තිස්සේ මේ රටේ තිබුණු විනාශකාරී යුද්ධය  යන්තම් අවසන් කර ගත්තේය. දහස් ගනනින් මිනිස් ජීවිත් යුද්ධයට බිලිවිය. රටේ ආර්ථිය ආපස්සට ගියේය. එදා දේශපාලනඥයින් මේ යුද්ධය හිඟන්නාගේ තුවාලය බවට පත් කරගෙන තිබුණේය. හැමෝම යුද්ධය කළේ තමන්ට ආයුධවලින් එන කොමිස් කුට්ටියට කෑදර වෙලා ය. නැත්තං යුද්ධය පෙන්නා දකුණේ ඡන්ද ටික ඩැහැ ගන්නට ය. මේක කවුරුත් දන්න සහ නොදන්නවා වගේ ඉන්න ඇත්තය. නමුත් අවසානයේදී ත්‍රස්තවාදින්ව පරාජය කලේය. මහින්දට යුද්ධය දිනාදුන්නේ රණවිරුවන් බව සැබෑය. හැබැයි මහින්දට ඒ සඳහා දේශපාලන හයිය දීපු කණ්ඩායමක් හිටපු බව අද facebook වල කෑගහන, දේශපාලන වාසි ගන්න එදා පාර්ලිමේන්තුවේ අහලකවත් හිටපු නැති දේශපාලනඥයින්ට හා ආගම ඉස්සර කරගෙන ඉන්න ජාතිවාදී ගෝත්‍රිකයන්ට අද අමතක වී ඇත. එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරන්නට මුලින්ම පිඹුරුපත් සකස් කළේ දෙමළ ජාතිකයෙක් වෙච්ච ලක්ෂ්මන් කදිරගාමර් ය. හැබැයි යුද්ධයක් දැකලවත් නැති සමහර ෆැන්ටසි නංගිලා මල්ලිලා සමස්ත දෙමළ සංහතියටම බනින්නේ ලක්ෂ්මන් කදිරගාමර්ලාගේ භූමිකාව ගැන අංශු මාත්‍රයක්වත් නොදැනය. මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්න යන වේලාවේ ආණ්ඩුව තිබුණේ වැටෙන්න ඔන්න මෙන්න ය. මහින්දගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ගැලවෙන්නට නියමිතව තිබුණේය . ආණ්ඩුවේ එදා අයවැය ඡන්දයේදී  (තෙවන වර කියවීමේදී) වැටෙන්නට ගියේය. එදා ආණ්ඩුව වැටුණා නම් යුද්ධය ඉවර කරන්නට මහින්දට හැකි වෙන්නේ නැත. එදා රාජිත සේනාරත්න, ගාමිණී ලොකුගේ, කරූ ජයසූරිය ඇතුළු 16ක් මහින්දට සහය දී ආණ්ඩුව බේරා ගත්තේය. ඒ වගේම යුද්ධය කරගන්නට පුළුවන් බවක් ගැන විශ්වාසයක් මිනිස්සුන්ට මුලින් තිබුණේ නැත. රාජිත සේනාරත්න , ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ආණ්ඩුවට සහාය දීමට පැමිණි දේශපාලනඥයින් "සතියේ හමුව" නම් ප්‍රවෘත්ති සාකච්ඡා මාලාවක් තබමින් ජනතාව දැනුවත් කළහ.

එදා රාජිතලා කරූ ලා නොවන්නට මහින්දට යුද්ධය දිනා ගන්නවා තියා ආණ්ඩුව ගෙන යාමටවත් නොහැක. මේක "තිත්ත ඇත්ත" ය. නමුත් බොහෝ දෙනෙකුට මෙය අමතක වී ඇත. වචනයක් අල්ලාගෙන එදා යුද්ධය දිනා දෙන්නට උදව් කරපු රාජිතලා කරෑලා විමල් වීරවංශලා අමතක කරන්නට හොඳ නැත. බුදුන් වහන්සේ පවා අනිමිසලෝචනයෙන් තමන් බුද්ධත්වයට පත් වීමට උපකාර වුනු බෝධියට කෘතගුණ දැක්වීය. අපි ඉතිහාසය  අමතක කළ යුතු නැත. රාජිතලා එදා කරපු හොඳ දේවල් අමතක කර දැමීම, ඉතිහාසය අමතක කිරීම ඉදිරියට යන රටකට හොඳ ප්‍රවණතාවයක් වන්නේ නැත.

සටහන : නිපුන් ඒකනායක

3,271 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad