අල-ලූණු මිල ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 4, 2018

අල-ලූණු මිල ඉහළට


    ආනයනික අර්තාපල් හා ලොකු ලූනු මත පනවා තිබූ වෙළෙඳ බද්ද රුපියල් 40 දක්වා ඉහළ නැංවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල්, අල සහ ලොකු ලූනු කිලෝවක තොග මිල 3 වෙනි දින සිට ඉහළ දමා තිබේ.
    මීට පෙර රුපියල් 62 ක් වූ අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 72-74 දක්වාද, රුපියල් 40කට අලෙවි වූ ලොකු ලූනු, කිලෝවක තොග මිල රුපියල් 65-70 අතර මිලකට ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ අල හා ලූනු ආනයනකරුවෝ කියති.


     ආනයන කරන ලද අර්තාපල් අල විශාල වශයෙන් තොග වෙළෙඳ පොළේ තිබීම නිසා මෙම මිල ගණන් ඉදිරි සති දෙක තුනක් තුළ පැවැතිය හැකි වුවත්, ඉදිරියේදී ආනයන කරන අර්තාපල් කිලෝවක තොග මිල  රුපියල් 90 ක් පමණ විය හැකි බවත්, ඉදිරි දින දෙක තුනකදී ආනයනික ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 82-85 ක් විය හැකි බවද ඔවුන් කියා සිටිති. මේ අතර බදු වැඩි කිරීමත් සමග ආනයනික අරතාපල් අල කිලෝවක් සිල්ලර මිල රුපියල් 90-100 ත් අතර මිලකටද, ආනයනික ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල 70-80 ත් අතර මිලකටද දඹුල්ල වෙළෙඳ පොළේ මිල ඉහළ ගොස් තිබේ.

   ආනයනික සහල් සඳහා පනවා තිබූ වෙළෙඳ බද්ද අවුරුදු සමයේ ඉවත් කරනු ලැබූ බවත්, යළි එම බද්ද මැයි මස 1 වෙනි දින සිට ක්‍රියාත්මක වීමත් සමග සහල් මිල ඉහළ යනු ඇතැයි පෙන්වා දුන් ආනයනකරුවන් කියා සිටියේ වෙළෙඳ බද්ද, ඇතුළු අනෙක් බදු සමග ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 54 ක් පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුව ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad