පිළිකාව නිසා අම්මාව මහමග දමාගිය දියණියන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 3, 2018

පිළිකාව නිසා අම්මාව මහමග දමාගිය දියණියන්

රුණු පිළිකාවක් නිසා වසර ගණනාවක් තිස්සේ පීඩා විඳින තම දියණියන් විසින් මහමගට ඇද දැමීම නිසා අන්ත අසරණ භාවයට පත්වූ තිදරු මවක් සිවිල් ආරක්ෂක බළකායේ සේවයේ නියුතු දියණියකට හා අනෙක් 
දියණියට විරුද්ධව ඊයේ (02) අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. දියණියන් දෙදෙනාගේ තාඩන පීඩන විඳ දරා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වී සිටින්නේ අනුරාධපුර විහාරහල්මිල්ලෑව විහාරපාළුගම ලිපිනයේ පදිංචිව සිටින තිදරු මවක් වන 58 හැවිරිදි පී,ධර්මලතා මහත්මියයි.
     සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව අනුරාධපුර මහමෙවුනා වැඩ බිමේ සේවයේ නියුතු සෙබළියක ඇගේ සහෝදරිය හා පියා පැමිණිලිකාරියට අයත් ඉඩම් සහිත නිවසේ පදිංචිව සිටින අතර පිළිකා රෝගයෙන් පීඩා විඳින ඇය රෝහලේ පැවැති නිවසට සහභාගි වී නැවත සායනයට පැමිණිය අවස්ථාවේ සිවිල් ආරක්ෂක සෙබළිය පෙරමුණු ගෙන ඇයව නිවසින් පන්නා දැමු බව ඈ පැවැසුවාය.
  

     අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි පිළිකා සායනයට ඇය පෙරේදා (01) දිනයේ ගොස් නැවත සායනයට පැමිණි අවස්ථාවේ නිවසට දෙදෙනා නැවත උඹ මේ ගෙදරට එන්න එපා කියමින් බැණ වැදී එළවා දමා තිබේ.යන එනමං නොමැති වූ මව නිවස ආසන්නයේ පිහිටි බස් නැවතුමට වී නිදා සිටියදී ගමිවැසියන් පිරිසක් මෙම සිද්ධිය දැක ඒ පිළිබිඳව ජනමාධ්‍යවේදියෙකුට දැන්වූ අවස්ථාවේ ඒ මහතා සිද්ධිය පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාට දන්වා තිබේ.

    ඇය උණු වතුර බෝතලයක් හා බෙහෙත් වර්ග කිහිපයක් සමග කුඩා රෙදි කැබැල්ලක් පොරවාගෙන බස් නැවතුමේ නිදා සිටින අයුරු එහි ගිය අයට දැක ගන්නට ලැබුණි.

      මාධ්‍යවේදියා කළ දැන්වීමට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙස උඩමළුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දන්වා තිබෙන අතර එහි පොලිස් කණ්ඩායමක් මව හමුවට ගොස් ඇය කාගේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමෙන් පසුව නැවත සිවිල් ආරක්ෂක බළකා සෙබළියගේ නිවසට එම මව ඇරලවීමට කටයුතු කර තිබුණි. පොලීසිය ඇය නිවසට ඇරලවා විනාඩි කිහිපයක් ගත වෙද්දී දියණියන් දෙදෙනා ඇයව නැවතත් නිවසින් පන්නා දමා තිබේ.

   අද (03) දිනයේ ඔවුන්ට හා පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාව අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නියමිතය. පැමිණිලිකාර පිළිකා  රෝගී කාන්තාවගේ පුත‍්‍රයා නාවික හමුදාවේ සේවය කරන බවත් ඔහු සහ ලේල්ලිය ඇයට හොඳින් සලකන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad