'ලොකුම හොරා මහින්ද ; එයා හිටියේත් මගේ ආණ්ඩුවේ' - චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 6, 2018

'ලොකුම හොරා මහින්ද ; එයා හිටියේත් මගේ ආණ්ඩුවේ' - චන්ද්‍රිකා


මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05) පැවසුවාය.
වේයන්ගොඩ නගරයේ මහජන පොළ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇය එබව සඳහන් කලේ '' මැඩම්ගේ ලේකම්වරු දෙන්නෙක් ලොකු
අල්ලසක් අරන් අහුවෙලා නේදැයි'' මාධ්‍යවේදියකු කල විමසිම්කදිය.
අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.
නිලධාරීන් කරන ලද හොරකම් සම්බන්ධයෙන් තමනට කල හැකි දෙයක් නැති බවත් හොරකම් කරන්නැයි තමන් උපදෙස් නොදුන් බවත් ඇය සදහන් කළාය.
19,342 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad